Menu

පුංචි ඡන්ද පනතට අද කථානායකගේ අත්සන..

October 12, 2017

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසුරිය මහතා අද (12) අත්සන් තැබීමට නියමිතය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්ථාෆා මහතා විසින් පසුගිය සදුදා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය සංශෝධන සහිතව ඒකමතිකව සම්මත විය.

කථානායකවරයා විසින් අදාළ පනතට අත්සන් කිරීමෙන් අනතුරුව එය ගැසට් කිරීමට නියමිතය.

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක