Menu

‘චන්දිමාල්, හේරත්’ පස්සට යද්දී ‘දිමුත්, දිල්රුවන්’ ඉදිරියමට පැමිණෙයි.. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් මෙන්න

October 11, 2017

‘චන්දිමාල්, හේරත්’ පස්සට යද්දී ‘දිමුත්, දිල්රුවන්’ ඉදිරියමට පැමිණෙයි.. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් මෙන්න

පසුගියදා නිමාවුණු පාකිස්තානු ශ‍්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් පසු අයී.සී.සී ක‍්‍රිකට් ආයතනය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කොට තිබෙනවා

දෙවන තරගයේ පළමු ඉනිමේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කල ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නද ස්ථාන 09ක් ඉදිරියට පැමිණෙමින් 17වන ස්ථානයට පත්ව ඇති අතර නිරෝෂන් දික්වැල්ල ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් සිය ටෙස්ට් දිවියේ ඉහළම පිතිකරණ ස්ථානය ලබාගනිමින් පිතිකරු ලැයිස්තුවේ 39වන ස්ථානය හිමිකරගෙන ඇත.

මේ අතර ශ‍්‍රි ලංකා ටෙස්ට නායක දිනේෂ් චන්දිමාල් එක් ස්ථානයක් පසුපසට යමින් පිතිකරු ලැයිස්තුවේ 21වන ස්ථානය හිමිකරගෙනඇති අතර පිතිකරු ලැයිස්තුවේ 27වන ස්ථානයේ සිටි කුසල් මෙන්ඩිස් ස්ථාන 07ක් පිටුපසට යමින් 34වන ස්ථානය හිමිකරගෙන ඇත.

මේ අතර පන්දුවෙන් දස්කම් දැක්වු ඩිල්රුවන් පෙරේරා ස්ථාන තුනකින්( 23) ඉදිරියට පැමිණ ඇති අතර ටෙස්ට් තුන්ඉරියව් ක‍්‍රීඩකයින්ගේ ලැස්තුවේ ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් 08 වැනි ස්ථානය හිමිකරගෙන ඇත

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගයේ ජයග‍්‍රහණයේ නියමුවා වු  රංගන හේරත්  ටෙස්ට් පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ එක් ස්ථානයක් පසුපසට යමින් 05වන ස්ථානය හිමිකරගෙන ඇති අතර ටෙස්ට් තුන්ඉරියව් ලැයිස්තුවේ 10වන ස්ථානයේම තවදුරටත් රැුදී සිටියි

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක