Menu

ප‍්‍රසිද්ධ පාසලක සිසුවෙකු වෙඩි තබා ගනියි.. හේතුව මෙන්න

October 11, 2017

ගාල්ල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම පියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙසට නිවසින් එල්ල වූ බලපෑම් හේතුවෙන් බවට මූලික විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

ඊයේ (10) මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල – පෝද්දල – වටරැක ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක්.

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහු මෙම වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබෙනවා.

පියාට අයත් බලපත්‍ර සහිත බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙලෙස ඔහු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇත්තේ නිවස පිහිටා ඇති ගෙවත්තේදීයි.

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව බරපතල තත්ත්වයෙන් මෙම සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම දරුවාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියක් ලෙස සේවය කරනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක