Menu

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක මාධ්‍ය නිවේදනයක්

May 2, 2017

නිවැරදි වාතාවරණයක් උදා වේ නම් උතුරු කොරියානු නායක කිම් ජොං අං මුණ ගැසීමට තමා සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එය ගෞරවයක් ලෙස තමා සලකන බවයි බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමරිකානු නායකයා ඊයේ කියා සිටියේ.

උතුරු කොරියානු නායකයා මුණ ගැසීම සුදුසු නම්, තමා ඒ සඳහා නොපැකිලෙන බවයි ඔහු අවධාරණය කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දැඩි උණුසුම් වාතාවරණයක් පැණ නැගී ඇති මොහොතකයි.

කෙසේ නමුත් ධවල මන්දිරය පසුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනපති ට්‍රම්ප් සහ කිම් ජොං අං අතර සාකච්ඡාවක් ඇතිවීමට පෙර උතුරු කොරියාව කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කළ යුතු බවයි.

උතුරු කොරියාව, ප්‍රකෝපකාරී ක්‍රියා අත්හැරීම වහා සිදුකළ යුතු බව ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් එහිදී අවධාරණය කළා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක