Menu

කෝලි ලකුණු ‘0’ න් වාර්තාවක් තියද්දී කැන්ගරුවන්ගේ අලුත් තුරුම්පුව ඉන්දීයානු පිතිකරුවන් අසරණ කරයි

October 11, 2017

කෝලි ලකුණු ‘0’ න් වාර්තාවක් තියද්දී කැන්ගරුවන්ගේ අලුත් තුරුම්පුව ඉන්දීයානු පිතිකරුවන් වනසයි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාව පරාජයට පත් කරමින් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 27ක් වන විට ක්‍රීඩා ගාරයට යැවීමට තම දෙවන විස්සයි විස්ස තරඟයට සහභාගී වූ ජේසන් බෙහෙරෙන්ඩ්රොෆ් සමත් වීමත් සමඟ තරඟාවලියේ පළමු වතාවට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් හමුවේ ඉන්දීය පිතිකරුවන් හමුවේ අසරණ වන අකාරය දැකගත හැකි විය.

එහිදී ලකුණු බින්දුවට දැවී ගිය පළමු ඉන්දියානු නායකයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි වාර්තා පොත් අතරට එක් වු අතර  විස්සයි විස්ස තරග 85කට ක‍්‍රීඩා කර ඇති ඉන්දියානු කණ්ඩායමේ නායකයකු දැවී ගිය අඩුම ලකුණු ලෙස  මීට පෙර සටහන් වුයේ මහේන්ද‍්‍ර සිංහ දෝනි පාකිස්තානු කණ්ඩායම එරෙහිව 2012 වර්ෂයේ පැවැති තරගයකදී එක් ලකුණකට දැවී යාමයි.

ඉන්දීය කිසිම පිතිකරුවෙකුට ලකුණු 30 සීමාවට ළඟාවීමට අවස්ථාවක් ලබා නොදුන් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉන්දීය ඉනිමේ පන්දුවාර 20 නිමාවන විට සියලු දෙනා දැවී ගියේ ලකුණු 118 කටය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාබියා වූ කෙදාර් යාදව් ලකුණු 27 ක්ද හර්දික් පාන්ඩයා ලකුණු 25ක් ද ලබා ගැනීමට සමත් විය.ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් වෙනුවෙන් බෙහෙන්ඩ්රොෆ් කඩුලු 4ක් ද සමපා කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ඉක්මනින් දැවී ගියද එතැන් සිට හොඳින් ක්‍රීඩා කල ට්‍රවියස් හෙඩ් සහ මොනික්ස් හෙන්ද්රික්ස් තරඟය ජයග්‍රහණය වෙත ඔස්ට්‍රේලියාව රැගෙන ගියේ පන්දුවාර 15.2 ක් තුල කඩුලු දෙකක් පමණක් දැවී තිබියදීය.හෙන්ද්රික්ස් නොදැවී ලකුණු 62ක් සහ හෙඩ්ස් ලකුණු 48ක් නොදැවී ලබා ගැනීමට සමත් විය.

නිත්‍ය නායක ස්ටීවන් ස්මිත් මෙම තරඟයට ක්‍රීඩා නොකළ අතර තරඟය මෙහෙයවුයේ ඩේවිඩ් වෝනර්ය.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිළම සම තත්වයේ පසුවෙයි.තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය ලබන 13වැනිදා හයිද‍්‍රාබාද් හීදී පැවැත්වීමට නියමිතයි.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක