Menu

‘හදවතින්ම මහන්සි වුනා’ ..පාකිස්තානුවන් වයිට්වොෂ් කරමින් ලැබු ඓතිහාසික ජයග‍්‍රහණය ගැන චන්දිමාල් කියන කතාව මෙන්න

October 11, 2017

‘හදවතින්ම මහන්සි වුනා’ ..පාකිස්තානුවන් වයිට්වොෂ් කරමින් ලැබු ඓතිහාසික ජයග‍්‍රහණය ගැන චන්දිමාල් කියන කතාව මෙන්න

මීට මාස එක හමාරකට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවේදීම ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්විය. නමුත් එම පරාජයෙන් පාඩම් ඉගෙනගත් බව පවසන චන්දිමාල් ඒ හරහා ප්‍රථිඵල ලබාගෙන ඇත.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  අපරාජිත තරග වාර්තාවකට හිමිකම් කී පාකිස්තාන කණ්ඩායම වයිට්වොෂ් කරමිනි.

හයවැනි කඩුල්ල සඳහා ශාෆික් හා සර්ෆාස් පැවැත්වූ ලකුණු 173ක සබඳතාව අවසන් කරමින් තරගයේ පාලනය  ශ්‍රී ලංකාවට ගත්තේ ශාෆික් (112), සර්ෆාස් (68) ගේ ඉනිම් අවසන් කරමිනි. අඟහරුවාදා (ඔක්තෝබර් 10 දා) නිමාවූ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා කණඩායම ලකුණු 68ක ජයක් ලබාගනිමින් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගත්තේය.  පළමු ටෙස්ට් තරගයද ශ්‍රී ලංකාව ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමට සමත්විය.

2009 වසරේදී පටන් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේදී පාකිස්තාන කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්ව නොතිබුණි. නමුත් දෙවැනි ටෙස්ට් තරගයේදී ඔවුන් ලකුණු 262 කට හා 248කට දැවී යාමත් සමගින් එහිදී ඔවුන්ට පළමු පරාජය අත්විදීමටත් සිදුවිය. එසේම පාකිස්තානය ටෙස්ට් තරගාවලියකට සත්කාරකත්වය ලබාදී පරාජයට පත්වූයේ 2007 වසරෙන් පසුවද වෙයි. එහිදී ඔවුන් දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් තරගාවලියක් 1-0ක් ලෙස පරාජයට පත්විය.

“ අපිට ඉන්දියාවත් සමග තිබුණේ අපහසු තරගාවලියක්. අපි තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වුණා. එය හැමකෙනෙකුටම අමාරු කාලයක් වුණා. නමුත් අපි ඒ තරගාවලියෙන් බොහේ දේවල් ඉගෙන ගත්තා. ඒ කණ්ඩායමක් ලෙසත් තනි තනි පුද්ගලයන් ලෙසත්.” යැයි චන්දිමාල් පවසයි. එසේම ඔහු කණ්ඩායම පිළිබඳව තේරීම් කමිටුව විශ්වාසය තැබීම ගැනත් අගය කළේය.

“ ප්‍රධානම කරුණ තමයි අපේ ආකල්ප. ඒක ලොකු වෙසක් ඇති කරනවා. අපි පසුගිය මාසයේ 18 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කළේ. අපි මේ තරගාවලියට එන විට හැම කෙනෙක්ම හදවතින්ම මහන්සි වී පුහුණුවීම් කරලා තමයි තරගාවලියට ආවේ.”

“ හැම කෙනෙකුටම අවශ්‍ය වුණේ තරගාවලිය දිනන්නයි. නායකයෙක් ලෙස මට සතුටුයි. ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළා. කළමනාකරණයටත් අවශ්‍ය වුණේ මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න. අපි ආකල්ප මත වැඩ කර හොඳ ප්‍රතිඵලයක් අවසානයේදී ලබාගත්තා.”

“නායකයෙක් ලෙස මේ තරගාවලිය ජයග්‍රහණය කිරී ගැන මට සතුටුයි.  මම ක්‍රීඩකයන් දුන් සහාය, ආකල්ප, විනය ගැන බලනවා. ”

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක