Menu

‘අපි ඉටු කළේ අපේ යුතුකමයි’.. බන්ධනාගාරයේ සිටින මන්ත‍්‍රී නාමල් කියු කතාව මෙන්න

October 11, 2017

‘අපි ඉටු කළේ අපේ යුතුකමයි’.. බන්ධනාගාරයේ සිටින මන්ත‍්‍රී නාමල් කියු කතාව මෙන්න

රටේ මිනිසුන් ජන්දය ලබාදී පත්කළ ආණ්ඩුව රටේ සම්පත් විකුණා ගෙන කෑමට සැරසේනම් ඒ සදහා සටන් කරන බවත් එය වරදක් නම් හිරේ යාමට සුදානම් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත

අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති මන්ත්‍රි නාමල් රාජපක්ෂ ගේ සුවදුක් බැලීමට ගිය හිතවතුන් පිරිසකට මන්ත‍්‍රීවරයා එසේ පවසා ඇත.

මේ රටේ මිනිස්සු චන්දෙ දීලා පත් කරපු ආණ්ඩුවම රටේ සම්පත් විකුණන් කනවනම් අපි තවත් කොහොමද බලන් ඉන්නේ.මිනිස්සු අපිට චන්දෙ දීලා අපිව පාර්ලිමේන්තුවට යැවිවේ රටේ සම්පත් විකුණන තුරු අත් දෙක බැදගෙන බලන් ඉන්න නෙවෙයි.අපි ඉටු කලේ අපේ යුතුකමයි.
රාජ්‍ය දේපල සුරකින්න සටන් කරපු එක වරදක් නම් නැවත නැවතත් ඒ වරද කරලා හිරේ යන්න අපි ලෑස්තියි.අපිව හිරේ දාලා හරි රටේ සම්පත් විකුණන්න ඉඩ දීලා පැත්තකට වෙන්න මේ රටේ මිනිස්සු ලෑස්ති නෑ කියලා අපි හොදට දන්නවා අන්න ඒ හිතේ හයිය තියන මිනිස්සු එක්ක ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව අපි සටන් කරනවා.අපිව හිරේ දාලා අත් පොළසන් දීලා සතුටු වෙන පාලකයින්ට ජනතාවගේ කනේ පහර වදින දවසට තේරේවි මිනිස්සුන්ගේ ජාතික හැගීම් එක්ක සෙල්ලම් කරන එක කොච්චර නම් පාපතර වැඩක්ද කියලා..

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක