Menu

වාර්තා පොත් අලුත් කරමින් සිංහයින් පාකිස්තානුවන් පරදවා ඓතිහාසික ජයක් ලබති ..

October 10, 2017

වාර්තා පොත් අලුත් කරමින් සිංහයින් පාකිස්තානුවන් පරදවා ඓතිහාසික ජයක් ලබති ..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුනු 68ක විශිෂ්ට ජයක් ලැබීමට ශ‍්‍රි ලංකා කණ්ඩායම අද සමත්වුනා.

ඒ අනුව අබුඩාබි ක‍්‍රීඩාංගනයේ මෙතෙක් අපරාජිතව සිටි පාකිස්තානු කණ්ඩායම පරදවමින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ශ‍්‍රී ලංකා කන්ඩායම සමත් වුනා.

ජයග‍්‍රහණය සදහා ලකුණු 317ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 248ක් පමණි.

එහිදී පාකිස්තානු කණ්ඩායමට වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ අශාද් ශෆීක් සිය 10වන ශතකය ලබාගනිමින් ලකුණු 112ක් රැස් කිරීමට සමත්වු අතර නායක සෆ්රාස් අහමඩ් ලකුණු 68ක් රැස් කිරීමට සමත් වුනා

ලකුණු 52 ක කඩුලු 05ක් බිද වැටි තිබියදී පාකිස්තානුවන් ට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඇති කරමින් 06වන කඩුල්ල සදහා ලකුණු 173ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට නායක ෆස්රාස් හා ශෂීක් සම්ත් වුවත් එය ජයග‍්‍රහණය සදහා ප‍්‍රමාණවත් නොවීය

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයේ නියමුවා වෙමින් පාකිස්තානු දෙවන ඉනිමේ කඩුලු 05 ක් බිද දැමීමට දිල්රුවන් පෙරේරා සමත් විය.

ශ‍්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 482යි

දිමුත් කරුණාරත්න 196යි, දිනේෂ් චන්දිමාල් 62යි, දිල්රුවන් පෙරේරා 58යි,නිරෝෂන් දික්වැල්ල 52, යෂීර් ශා  6/184

පාකිස්තානු පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 262යි

අසාර් අලී 59යි, හැරිස් සොහිල් 56යි, දිල්රුවන් පෙරේරා 3/ 72, රංගන හේරත් 3 /84,

ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුනු 96යි

කුසල් මෙන්ඩිස් 29යි,වහබ් රියාස් 4/ 41 ,හැරිස් සොහිල් 3/ 1

පාකිස්තානු දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුනු 250යි

අසාද් ශෆීක් 112යි,සෆ්රාස් අහමඩ් 68යි ,දිල්රුවන් පෙරේරා 5 /98,රංගන හේරත් 2 /57

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක