Menu

දෙවන ටෙස්ට් තරගය උණුසුම් වෙයි..දිල්රුවන් ශ‍්‍රී ලංකා කණ්ඩායම යළි ජය මාවතට කැදවයි.. අලුත්ම තත්වය මෙන්න

October 10, 2017

දෙවන ටෙස්ට් තරගය උණුසුම් වෙයි..දිල්රුවන් ශ‍්‍රී ලංකා කණ්ඩායම යළි ජය මාවතට කැදවයි.. අලුත්ම තත්වය මෙන්න

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කන්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 317ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කන්ඩායම මේ වන විට කඩුලු 6ක් දැවි ලකුනු 255ක් ලබා සිටියි.

ඊයේ දිනයේදී ලකුණු 52කට කඩුලු 05ක් බිද වැටි අසීරු තත්වයකට පත්ව සිටි පාකිස්තානු කණ්ඩායමට යළි ජයග‍්‍රහණයේ බලාපොරාත්තු එක් කරමින් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කල නායක සෆ්රාස් අහම්ඩ් ලකුණු 68ක් ලබා සිටියදී දවා ගැනීමට දිල්රුවන් පෙරේරා මීට සුලු මොහොතකට පෙර සමත් වුනා.

නායක සෆ්රාස් අසාද් ෂෆීක් හා එක්ව 06වන කඩුල්ල සදහා වාර්තා ගත ලකුනු 173ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වු අතර අනෙක් අන්තයේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කරන ෂෆීක් මේ වන විට ලකුණු 102ක් ලබා නොදැවී ක‍්‍රීඩා කරයි.

ඒ අනුව පාකිස්තානු කණ්ඩායමට ජයග‍්‍රහණය සදහා තවත් කඩුලු 04ක් අතැතිව ලකුණු 92ක් ලබා ගත යුතුව ඇත

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක