Menu

පන්දුවාර 7ක් ඇතුළත ‘ලංකාව වට්ටන්න ‘ පාකිස්ථානු සැළැස්මක්!..තීරණාත්මක අවසන් දවස ගැන පුහුණුකරුවන් කියන කතාව මෙන්න

October 10, 2017

පන්දුවාර 7ක් ඇතුළත ‘ලංකාව වට්ටන්න ‘ පාකිස්ථානු සැළැස්මක්!..තීරණාත්මක අවසන් දවස ගැන පුහුණුකරුවන් කියන කතාව මෙන්න

ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟමාලාවේ අවසන් දිනය නැත හොත් තීරණාත්මක දිනය අද දිනයයි.

තරඟයේ හතර වන දිනයේ පළමු කොටස පාකිස්ථාන කණ්ඩායමට වාසිදායක ලෙසිනුත් දෙවන කොටස නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක ලෙසිනුත් තෙවැනි කොටස නැවතත් පාකිස්ථාන කණ්ඩායමට වාසිදායක ලෙසිනුත් ක්‍රියාත්මක වීම මත අවසන් දිනයේ පළමු කොටසේ වැඩි වාසිය ලබා ගන්නා කණ්ඩායම තරඟයේ ජයග්‍රහනය ලබා ගනු ඇත.

තරඟයේ අවසන් වූ හතරවන දිනය සහ එළඹෙන පස් වන දිනය පිළිබඳව දකුණු අප්‍රිකා ජාතිකයන් දෙදෙනෙකු වන පාකිස්ථාන පුහුණුකරු මිකී ආතර් සහ ශ්‍රී ලංකා පුහුණු කරු නික් පොතාස් අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකා පුහුණු කරුවා පවසා ඇත්තේ තරඟයේ අවසන් දිනයේ අවසන් කොටසේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථා කිහිපයක් විදුලි ආලෝකය මැද ගිලිහී ගියද පස් වන දිනයේ උදෑසන නැවතත් පාකිස්ථානය ග්‍රහණයට ගැනීමට හැකි බවය.

“තරඟයේ පාකිස්ථාන කණ්ඩායම ඉතා හොඳින් පන්දු යැව්වා ඒ නිසා තමයි අපේ අයටත් පීඩනයක් ආවේ.කොහොම හරි හතරවෙනි දිනයේ අවසානය වෙද්දී තණතිල්ලේ ඒ තරම් ජීවයක් තිබුනේ නෑ.අපි අද උදේම කඩුලු ගන්න ඕන .එතැනදී තරඟය වෙනස් වෙනවා.තව පන්දු වාර හතකින් අපිට අලුත් පන්දුව ගන්න පුළුවන් එකත් එක්ක පාකිස්ථානයට තව පීඩනයක් එල්ල වෙනවා.මිනිස්සු ටෙස්ට් ක්‍රිකට් විඩාබරයි කිව්වට අද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ තරඟකාරී දිනයක් අපිට බලන්න පුළුවන් වෙයි.”

තරඟයේ කඩුලු 5ක් බිඳ වැටී තිබෙන අවස්ථාවේදීද නැවතත් පාකිස්ථානය තරඟයට පිවිසිය හැකි බව තමා රාත්‍රී විවේකයේදී පැවසු බවද,රාත්‍රී ආලෝකය හමුවේ අපහසු අවස්ථාවන් කිහිපයක් මඟ හැරුණද චන්දිමාල් සහ කණ්ඩායම මේ දක්වා ඉතා හොඳින් තරඟයේ ක්‍රීඩා කල බවද අද දිනයේ සිදුවන දේ පිළිබඳව තමා ඉහල අපේක්ෂා සහිතව බලා සිටින බවද ශ්‍රී ලංකා පුහුණු කරුවා වැඩි දුරටත් පවසා ඇත.

පාකිස්ථාන පුහුණුකරු මිකී ආතර් පවසන්නේ මේ දක්වා සෆ්රාස් අහමඩ් සහ අශාඩ් ශාෆික් ක්‍රීඩා කල ආකාරය විශිෂ්ට බවයි.

“මේ දෙන්නගේ සම්බන්දතාවය එක්ක තිබුන පීඩනය ගොඩක් දුරට ලිහිල් වෙලා තියෙන්නේ.ශාෆික් මේ වගේ ඉනිමක් ඔස්ට්‍රේලියාවට එරෙහිවත් ක්‍රීඩා කළා.ඔහුට මම ඒ ඉනිමත් මතක් කරලා දුන්නා,ඇත්තටම ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්.අපි පස් වන දවසේ මේ සම්බන්දතාවය මේ විදියටම ඉදිරියට ගෙනයන්න අපේක්ෂා කරනවා.අපිට තව පන්දුවාර හතක් තියනවා අලුත් පන්දුවට මුහුණ දෙන්න.එතකන් අපි පුළුවන් තරම් ලකුණු ගන්න ඕන.ක්‍රීඩකයන් හොඳ මානසික මට්ටමක ඉන්නේ කොහොම වුනත් අපිට අද හොඳ ටෙස්ට් තරඟ අවසානයක් දකින්න පුළුවන් වෙයි.”

 

.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක