Menu

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියක් අත්අඩංගුවට..

October 10, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා කටුනායක ගුවන් තොටුපළේදී අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා.

අබුඩාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර මීට පෙර ඇය අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු ද නිකුත් කර තිබුණා.

ඉරේෂා ද සිල්වා, අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා සිටි අතර, ඒ අනුව අබුඩාබියේදී ඇය අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබෙනවා.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක