Menu

පාකිස්තානු පන්දු යවන්නන්ගෙන් මියැදුණු ශ‍්‍රී ලංකා කණ්ඩායමට දිල්රුවන් යළි ජීවය එක්කරයි(UPDATE)

October 9, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 317ක දැවැන්ත ඉලක්කයක් හඹා යන පාකිස්තානු කණ්ඩායම සිව්වැනි දිනයේ රාත‍්‍රී ආහාරය සදහා තරගය නතර කරන විට ලකුණු 62කට කඩුලු 05ක් දැවී අසීරු තත්වයේ පසුවෙයි.

ශ‍්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 96කට සීමා කරමින් පළමු ඉනිමෙන් ලද පසුබෑම් මකා ගත් පාකිස්තානු කණ්ඩායම ජයග‍්‍රහණය සදහා යම් බලාපොරොත්තුවකින් පිටියට පිවිසුණත් එම බලාපොරොත්තු බිද දමමින් ආරම්භ කඩුල්ල ලෙස එක් ලකුණක් ලබා සිටි සමී අස්ලම් දවා ගැනීමට ළහිරු ගමෙගේ සමත් විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි අසාර් අලී පාකිස්තානුවන්ට යම් බලාපොරොත්තුවක් එක් කරමින් ෂාන් මෂූඩ් හා එක්ව ලකුණු 31ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වු නමුත් නුවන් ප‍්‍රදීප්ගේ පන්දුවකට ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි කෞෂාල් සිල්වා අතර උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට ලකුණු 17ක් ලබා සිටියහ.

ඉන් අනතුරුව ක‍්‍රීයාත්මක වුනු ඩිල්රුවන් පෙරේරා දැවී ගිය කඩුලු 05න් කඩුලු 03කටම හිමිකම් කියමින්පා කිස්තානු කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවන් තිදෙනෙකු වන හැරිස් සොහිල් (10) බාබර් අසාම්(0) හා ෂාන් මෂූඩ් (21) දවා ගැනීමට සමත්විය.

ඒ අනූව ජයග‍්‍රහණය සදහා පාකිස්තානු කණ්ඩායමට කඩුලු 05ක් අතැතිව තවත් ලකුණු 255ක් අවශව ඇති අතර නොදැවී පන්දුවට පහර දෙන නායක සෆ්රාස් අහමඩ් ලකුණු 07ක්ද අසාද් සෆීක් ලකුණු 04ක් ලබා සිටියි.

පෙර පුවත – ශ‍්‍රී ලංකා දෙවන ඉනිම නිමයි..පාකිස්තානුවන්ට දැවැන්ත ඉලක්කයක්

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක