Menu

චන්දිමාල් ගේ තීරණයට හිටපු නායක මහේලගේ දැඩි අප‍්‍රසාදය

October 9, 2017

චන්දිමාල් ගේ තීරණයට හිටපු නායක මහේලගේ දැඩි අප‍්‍රසාදය

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 1-0 ලෙස ඉදිරියෙන් සිටින අවස්ථාවක දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පාකිස්ථානය තවත් පීඩනයට පත් කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම මඟ හරවා ගත් බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගීනුම ඔස්සේ අදහස් දක්වමින් පවසා ඇත.

මෙම තරඟයේ දිමුත් කරුණාරත්න ක්‍රීඩා කල ආකාරය විශිෂ්ට බවත් ද්විත්ව ශතකය අහිමිවීම අවාසනාවන්ත සිදුවීමක් බවත්ද මහේල පවසා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් ඉනිමේ පාකිස්ථානය පරාජය කල හැකි ලකුණු ප්‍රමාණයක් දැනටමත් තිබෙන බවත් කෙසේ නමුත් පළමු ඉනිමේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ අසරණ වූ පාකිස්ථාන පිතිකරුවන් පිට පිට දෙවන වරටත් පන්දුවට පහර දීමට කැඳවා ඔවුන්ට එල්ල කිරීමට තිබු පීඩනය පසුගාමී තීරණයක් නිසා වැළකී ගිය බවද හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසා ඇත

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක