Menu

දෙවන ටෙස්ට් තරගය උණුසුම් …අලුත්ම තත්වය මෙන්න

October 9, 2017

ශ්‍රී ලංකා – පකිස්තාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක සිව්වන දිනය අදයි.

මේවන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී තරගය ආරම්භ වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 70ලබා සිටියි.

ඊයේ දිනයේ ලකුණු 34කට කඩුලු 05ක් දැවී සිටි ශ‍්‍රී ලංකා ඉනිමේ 06වන කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 21කට දවා ගැනීමට වහබ් රියාස් සමත් වු අතර 07 වන කඩුල්ල ලෙසපළමු ඉනිමේ අර්ධ ශතකයක් රැුස්කළ ඩිල්රුවන් පෙරේරා ලකුණු නොලබාම දවා ගැනීමට යෂිර් ශා සමත් වුනා

මේ වන විට නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 12ක් හා රංගන හේරත් ලකුණු 10ක් ලබා සිටියි

ඒ අනුව පාකිස්තානු දෙවන ඉනිමට වඩා ශ‍්‍රී ලංකා කන්ඩායම ලකුණු 290ක් ඉදිරියෙන් සිටියි

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක