Menu

න්‍යෂ්ටික ප‍්‍රහාරයක් අතළග- උතුරු කොරියාවෙන් විශේෂ නිවේදනයක්

May 1, 2017

තමන්ට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමට පෙර න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකිරීමට තම රට සූදානම් බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

උතුරු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ යුධ ශක්තිය ඉහළ දැමීම ඉදිරියටත් සිදුකරන බවයි.

ඇමෙරිකාව විසින් තම රටට එරෙහිව ඔවුන් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට ප්‍රතිචාරය දැක්වීමට උතුරු කොරියාව සූදානම් බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

තම රටේ න්‍යෂ්ටික ශක්තිය වැඩි දියුණු කිරීමේ සැලසුම් සමඟ උතුරු කොරියානු නායකත්වය ක්‍රියා කරනු ඇතැයි ද එහි සඳහන් කර තිබෙනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක