Menu

‘අශ්වින් – ජඩේජා’ ට ඉන්දියාවෙන් කැපිල්ලක් ..

October 9, 2017

‘අශ්වින් – ජඩේජා’ ට ඉන්දියාවෙන් කැපිල්ලක් ..

ඉන්දීය කණ්ඩායමේ මෙන්ම මේ වනවිට ටෙස්ට් පිටියේ සිටින ප්‍රබලතම දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු වන රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් පසුගිය කාලයේ අපට එක්දින පිටියේ දක්නට ලැබුනේ අඩු වශයෙනි.

2015 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ සිට ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කල එක්දින තරඟ 55න් හරි අඩක් වත් අශ්වින් සහ ජඩේජා ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලිය සහ T 20 තරඟාවලියේදීත් විවේක ගැන්වූ අශ්වින් සහ ජඩේජා දැන් ක්‍රියාත්මක ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලියට ද නම් කර නැත.අවසන් වූ එක්දින තරඟාවලිය තුල මෙන්ම දැන් ක්‍රියාත්මක T20 තරඟ සදහාද මෙම ක්‍රීඩකයන් දෙදෙනා නම් කර නැති අතර මෙය හුදෙක් විවේක ගැන්වීමට වඩා 2019 ලෝක කුසලානයට සුදානම් කරන ඉන්දීය කණ්ඩායමෙන් මෙම පන්දු යවන්නන් ඉවත් කිරීමක් ලෙස ඉන්දීය මාද්‍ය පෙන්වා දී ඇත.

සීමිත පන්දුවාර තරඟ තුල සාර්ථක ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකි අදිල් රෂීඩ්,රෂීඩ් ඛාන් සහ ඉම්රාන් තාහීර් වැනි පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය හමුවේ ඉන්දියාවද තම සීමිත පන්දුවාර තරඟ වල දඟ පන්දු තුරුම්පු ලෙස මැණික් කටුව උපයෝගී කර ගනිමින් පන්දු යවන කුල්දීප් යාදව් සහ චහාල් වෙත යොමු වීම මෙලෙස ජඩේජා,අශ්වින් කණ්ඩායමෙන් හැලී යාමට හේතුවී ඇති බවද ඉන්දීය මාද්‍ය පවසයි.

පසුගිය වසර 2 ක තුල එක්දින තරඟ 12 කට සහභාගී වී ඇති අශ්වින් කඩුලු 11 ක් දවා ගෙන ඇති අතර එම කාලය තුල පන්දු වාරයකට 5.79 ක වැඩි ඉහල අගයක් අශ්වින් ප්‍රතිවාදීන්ට ලබා දී ඇත.එම කාලය තුල T20 තරඟ 26 කට ක්‍රීඩා කර ඇති අශ්වින් කඩුලු 27ක් දවා ගෙන ඇති අතර පන්දු වාරයකට ලකුණු 6.49 ක් ලබා දී ඇත.

ජඩේජා අදාළ කාලය තුල එක්දින තරඟ 15 කට සහභාගී වෙමින් දවා ගෙන ඇත්තේ කඩුලු 11ක් පමණක් වන අතර පන්දුවාරයකට ලකුණු 5.27ක් ලබා දී ඇත.ජඩේජා පසුගිය කාලයේ T20 තරඟ 18 කට සහභාගී වෙමින් දවාගෙන ඇත්තේ කඩුලු 17 ක් පමණි.එමෙන්ම පිතිකරුවන්ට පන්දුවාරයක් තුල ලකුණු 7.26 ක ඉහල අගයක්ද ජඩේජා ලබා දී ඇත.

ජඩේජා සහ අශ්වින්ගේ ස්ථාන ලබාගත් චහාල් සහ කුල්දීප්ගේ එක්දින වාර්තාව අවධානය යොමු කල විට ජෙෂ්ට පන්දු යවන්නන් දෙදෙනාගේ වාර්තාවට වඩා හොඳ වාර්තාවක් බව පෙනී යයි.

කුල්දීප් යාදව් 2017 වසර තුල එක්දින තරඟ 11 කට සහභාගී වෙමින් එක්දින කඩුලු 18 ක් දවාගෙන ඇති අතර පන්දු වාරයකට ලකුණු ලබා දී ඇත්තේද 4.78ක් පමණි.චහාල්ද මෙම කාලය තුල එක්දින තරඟ 11 කට සහභාගී වී කඩුලු 17 ක් දවාගෙන ඇත්තේ පන්දු වාරයකට ලකුණු 4.5ක් පමණක් ලබා දෙමිනි.එමෙන්ම චහාල් මෙම කාලය තුල T20 තරඟ 7 ක් තුල කඩුලු 14 ක් ද දවාගෙන ඇත.

මෙම වාර්ථා බලන විට පැහැදිලි වෙන්නේ අශ්වින් සහ ජඩේජාගේ එක්දින සහ T20 අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇති බවය.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක