Menu

අයි.සී.සී.යෙන් ‘සනත්ව’ කැදවයි..හේතුව මෙන්න

October 9, 2017

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඩුබායි වෙත ගොස් ඇතැයි ඉන්දියානු ක්‍රිකට් වෙබ් අඩවි වාර්තා කරනවා. ඒ සඳහා ඔහුගේ නීතිඥයාද එක්ව සිටින බවයි එම වාර්තා වල සදහන් වන්නේ.

මීට දින කිහිපයට පෙරාතුව හිටපු ක්‍රීඩක ප්‍රමෝද්‍ය වීරසිංහ තරග පාවාදීම් පිළිබඳ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස ICC දූෂණ විරෝධී ඒකකයෙන් සනත්ට කැඳවීමක් ලැබී ඇති බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

සනත් ජයසූරිය සමග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුද වන ප්‍රමෝද්‍ය 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක්ද වෙයි.

පසුගිය දිනෙක විද්‍යුත් මාධ්‍යයක් සමග සංවාදයකට එක්වූ ප්‍රමෝද්‍ය නිමාවූ ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය පිළිබඳ මතභේදාත්මක කරුණු ඉදිරිපත් කළා. එහිදි ඔහු සඳහන් කළේ තීරණාත්මක තරගයකදී ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීමේ පිළිවෙළ වෙනස් කළ බවත්, මාලිංගට පන්දු යැවීමට නොවීමද සැකසහිත බවය. කෙසේ වෙතත් ප්‍රමෝද්‍ය ගේ එම ප්‍රකාශයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ නිළධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇතැයි කියූ එම දූෂණ වංචා පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙහිදී ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග ක්‍රීඩකයන් දෙදෙනාගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා හා ලේකම් මොහාන්ද සිල්වා යන නිළධාරීන්ගෙන්ද අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය ප්‍රශ්න ක‍ර තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක