Menu

තම දිවි පුදා ජීවිත ගණනාවක් බේරාගත් ඒ සොදුරු මිනිසා ගැන ඔබ දැන සිටියාද ?

October 7, 2017

ඔහුට ගමේ හැමදෙනාම කටපුරා කීවේ නිලමේ මල්ලීය. නමින් කීර්ති බණ්ඩාරය. දිනය 2017 ඔක්තෝබර් 01 දාය බණ්ඩාරවෙල සිට මරoගහවෙල යන C.T.B බස් රථය ඒ වන විටත් ගමන් ආරම්භ කර තිබුණේ ඔහු ඒ යකඩ යකා හුරතල් කරනා අන්තිම දිනය එදා බව නොදැනය. බණ්ඩාරවෙලින් හවස 4.20ට පමණ ගමන් ආරම්භ කරමින් බස් රථය ඉදිරියටම ගමන් ගත්තේය. හපුතලේ බෝඩ් ලෑල්ල සවිකර තිබූ වoගුව පසුවනවාත් සමගම බසයේ වේගය එක්වරම වැඩි වන්නට පටන් ගත්තේ කිසිවෙකුටවත් සිතා ගන්නට නොහැකි විදිහටය. නිලමේ මල්ලි වහාම ක්‍රියාත්මක වූවේය බ්‍රේක් නෑ …බ්‍රේක් වැඩ කරන්නෙ නැතුව ගියා යනුවෙන් නිලමේ මල්ලි මහා හයියෙන් කෑගැහුවේය. අනෙක් පැත්තේ අඩි 300කට වඩා වැඩි ප්‍රපාතයය. එම ප්‍රපාතයට බස් රථය පෙරළුන හොත් මගීන් සියල්ල මරණයට පත් වන බව නිසැකය. ඒ වන විට බස් රථයේ මගීන් 23ක් පමණ සිට ඇත. තීන්දුවක් ගැනීමට ඇත්තේ තප්පරයකටත් වඩා අඩු කාළයක්ය. නිලමේ මල්ලී අවසන් තීන්දුව ගත්තේය අනෙක් පැත්තේ ඇති උඩවිහාරගල ගල්කුලෙහි රියදුරු අසුන පැත්ත හැප්පෙන්නට ඇරියේය. බස් රථයේ රියදුරු අසුන පැත්ත මුලු මනින්ම කුඩු වී අවසානය. බස් රථය ඇතුළත සිටිනා සියලු දෙනා එක වරම මහා හයියෙන් කෑගැහුවේය. ඒත් නිලමේ මල්ලි නිහඩය. තමන් ලග තිබෙන දෙයක්වත් අනෙක් මිනිහාට දෙන්න අකමැති මිනිස්සු ඉන්න කාලෙක ජීවිත ගණනක් බේරූ ඒ රත්තරo මනුස්සයා රහසේම මේ ලොවෙන් සමු ගත්තේය.

ඔබ වැනි මනුස්සත්වයක් ඇති මිනිසෙක් අප රට තුල ඉපදීමත් අප කළ මහා පිනකි ඔබ ඒ තරම් අපිටනම් මහා විරයෙකි. මිනිසෙකුට මේ ලෝකය සුන්දර තැනක් කළ හැකිය. ඔබ එවැනි රතරo හදවතක් ඇති මිනිසෙකි. බෙල්ලෙ වැල දාගෙන තම ජීවිතය නැති කර ගන්නා මිනිසුන්ට හා නිකමුන්ටද ඔබ කියා දුන්නේ කදිම පාඩමකි ..

නිලමේ මල්ලී දෙදරු පියෙකි. ඉදිරියේදී මේ දරුවන්ට කුමක් වේද?
ඔවුන්ගේ අනාගතය බාර ගන්නේ කවුද?

ස්තූතියි. නිලමේ මල්ලී

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක