Menu

තරග තහනමක් පැනවුනු ධනුෂ්ක ගුණතිලක තීරණයක් ගනී

October 6, 2017

එක්දින තරග 6 ක් සඳහා පැනවූ තහනම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

විනය විරෝධී හැසිරීමක් නිසා තරග 6ක තහනමක් හා වාර්ෂික ගිවිසුමෙන් 20% ක් දඩ වශයෙන් අයකර ගැනීමත් එම දඬුවමට අයත්.

කණ්ඩායමට නුසුදුසු ආකාරයට හැසිරීම, තරග අතරතුර සාදවලට සහභාගී වීම, මත්පැන් පානය කිරීම, තරග සඳහා නියමිත වෙලාවට වාර්තා නොකිරීම, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී නොවීම ආදී චෝදනා ඔහුට එල්ල වූ බව සඳහන්.

වමත් ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ධනුෂ්ක  ලකුණු අතර සිටි අතර ඔහුගේ එක්‌දින ඉනිමක සාමන්‍ය 32.81 ක්‌ වනවා.

මෙම වසරේදී ඔහු ක්‍රීඩා කළ එක්‌දින තරග 12 කදී පිතිකරුවකු ලෙස ඉනිමක සාමාන්‍ය 42.41 ක්‌ ලෙස සටහන්කර ගෙන තිබෙනවා.

26 හැවිරිදි ධනුෂ්ක එක් ටෙස්ට් තරගයකට, එක්දින තරග 28කට, 20යි 20 තරග 5කට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති බව සඳහන්.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක