Menu

හම්බන්තොට උණුසුම් වෙයි.. අලුත්ම තත්වය මෙන්න(PHOTO)

October 6, 2017

හම්බන්තොට උණුසුම් වෙයි.. අලුත්ම තත්වය මෙන්න

හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපල විදේශ රටවලට විකුණා නොදමන්නැයි රජයට බල කරමින් පවත්වන විරෝධතාවක් වැලැක්වීම සදහා අති විශාල පොලිස් බල ඇණි හම්බන්තොට නගරය, හම්බන්තොට වෙරල උද්‍යානය, හම්බන්තොට වරාය, ෂැංග්‍රල්ලා හංදිය, කටුවැව හංදිය ආසන්නයට යොදවා සිටී.

මෙම විරෝධතාවය තහනම් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන නාමල් රාජපක්‍ෂ ඞී.වී. චානක යන මහත්වරැුන්ට එරෙහිව ඊයේ දිනයේ අධිකරණ නියෝගයක්ද නිකුත් කර ඇත.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සියළු පොලිස් ස්ථාන සූදානමින් රදවා ඇති අතර අමතර බැල ඇනි, කැරලි මර්ධන ඒකක, ජල ප‍්‍රහාරක රථද කැදවා ඇත.

විරෝධතාකරුවන් අතර හිටපු අමාත්‍යවරුන් වන, මහාචාර්ය ජී.එල් පීරිස්, මහින්ද යාපා අබේවර්ධන, නාමල් රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර හා සජිත් පේ‍්‍රමදාස මහතාගේ රුව රැගත් පඹයින් පුලුස්සමින් විරෝධය දක්වන බවද වාර්තා වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක