Menu

අද ඇරඹෙන තීරණාත්මක තරගයේ ප‍්‍රතිඵලයෙන් පසුව ශ්‍රේණිගත කිරීම් වෙනස් වන්නේ මෙහෙමයි..

October 6, 2017

ශ්‍රී ලංකාව ඉතිහාසයේ සහභාගි වන පළමු දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට අද (06 දා) පාකිස්‌තානය සමඟින් සහභාගි වේ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

මේ වන විට තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත්ව තිබීමෙන් මෙම තරගයේ ජය කෙසේ හෝ උදුරා ගැනීමට පාකිස්‌තානුවන් වෙහෙසනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් පිටියට පිවිසිය ද තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම වුවද ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලි ජය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ පසුවන්නේ 7 වන ස්ථානයේ යි. අද ආරම්භ වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ඔවුන් සමත් වුවහොත් 6 වන ස්ථානයේ පසුවන පාකිස්තානය අභිබවන්නට හැකියාව ලැබේ.

එමෙන්ම මෙම තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වාසි සහගත වන්නේ එවිට සිව්වන ස්ථානයේ පසුවන නවසීලන්තය සහ 5 වන ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව සමඟ ඇති වර්ගීකරණ ලකුණු පරතරය 3ක් දක්වා අඩු කර ගැනීමට හැකි වන බැවිනුයි.

 

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක