Menu

දිවුලපිටියේ සැකකරු මියයයි.. “ක්‍රයිම්” ඕඅයිසී අත්අඩංගුවට

October 6, 2017

දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයැම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා (අයි.පී.) අත්අඩංගුවට ගත් බවත්, එහි වැඩබලන ස්‌ථානාධිපතිවරයා (අයි.පී.) හා පොලිස්‌ කොස්‌තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ මූලස්‌ථාන පොලිසියට ස්‌ථානමාරු කර යවා ඇති බවත් පොලිස්‌ මූලස්‌ථානය කියයි.

මෙලෙස මියගොස්‌ ඇත්තේ දිවුලපිටිය, හුණුමුල්ල, කැලෑපිටිමුල්ලේ පදිංචිව සිටි නයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නමැති 50 හැවිරිදි විවාහකයෙකි.

සොරකම් කීපයක චෝදනාවකට අදාළව මියගිය පුද්ගලයා පසුගිය 2 වැනිදා දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 10 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට මීගමුව අධිකරණයෙන් නියෝග කර ඇත. ඒ අනුව ඔහු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී එහිදී හදිසියේම ඇතිවූ රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස්‌ තිබේ.

පසුගිය 2 වැනිදා මෙම පුද්ගලයා දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු මුරකරුවකු ලෙස සේවය කළ නිවසෙහි වටිනා භාණ්‌ඩ මොහු විසින් සොරාගත් බවට ගෙහිමි කාන්තාව කළ පැමිණිල්ලකට අනුවයි.

පසුව පොලිසිය එම පුද්ගලයා මිනුවන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

මරණයට පත්වූ පුද්ගලයාගේ දියණිය පවසන්නේ නොකළ වරදක්‌ පිළිගන්නා ලෙස බලකරමින් පොලිසිය තමාට පහරදුන් බව මිය යැමට පෙර සිය පියා පැවසූ බවයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක්‌ මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙම මරණය පහරදීමකින් සිරුරට සිදුවූ බහුවිධ තුවාල හා කම්පනය හේතුවෙන් සිදුවූවක්‌ බවට තීරණය කරනු ලැබිණි.

ඒ අනුව ඊයේ හවස මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමන් ප්‍රියන්තගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු පොලිස්‌ අත්අඩංගුවට ගන්නා ලදි. එම පුද්ගලයා මිය යැමට පෙර බන්ධනාගාර නිලධාරීන්ට තම මුහුණට හා බඩට පොලිසියෙන් පහරදුන් බවට ප්‍රකාශයක්‌ කර තිබේ.

පොලිසිය චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරීන් කළ පහරදීමකින් ඔහු මියගොස්‌ ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති අජිත් රෝහණ මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක