Menu

උපුල් තරංග දැඩි අවධානමක… විචාරකයින් අනතුරු අගවයි

October 5, 2017

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පහලොස් දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා උපුල් තරංග.

ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සංචිතයට ඇතුළත් නොවීමද විශේෂත්වයක්. ආන්ජලෝ මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ ඔහුට හටගෙන ඇති දණහිසේ ආබාධය නිසා බව සදහන් . වේග පන්දු යවන්නා ලසිත් මාලිංගට විවේකයක් ලබාදීම සළකා සංචිතයට ඇතුළත් කර නැහැ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ඔක්තෝම්බර් 13 වනදා ආරම්භ වනවා. කෙසේ වෙතත් මෙම තරගාවලිය නායක උපුල් තරංග ප්‍රවේශම් විය යුතු තරගාවලියක් බව විචාරකයන් පෙන්වා දෙනවා. කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දු වාර පනහ සම්පූර්ණ කිරීමට වැඩි වෙලාවක් ලබා ගැනිම නිසා දෙවතාවක් දඩුවම් ලබා සිටින උපුල් මෙම තරගාවලියේ එක් තරගයක හෝ නියමිත වෙලාවට පෙ‍ර පන්දු වාර පනහ අවසන් කිරීමට නොහැකි වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් මාස අටක තරග තහනමක් පැනවෙනු ඇත.

පෙර පුවත –මාලිංග මැතිව්ස් එක්දින කණ්ඩායමෙන් ඉවතට.. පාකිස්තානයට එරෙහි එක්දින සංචිතය මෙන්න

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක