Menu

ප‍්‍රබල පිතිකරුවාට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

October 4, 2017

ප‍්‍රබල පිතිකරුවාට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

බංගලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ට දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරග අහිමි වන බව වාර්තා වනවා.

එයට හේතුව වී තිබෙන්නේ පුහුණු තරගයකදී තමීම් අබාධයකට ලක්වීමයි.

තමීම් ඉක්බාල් දකුණු අප‍්‍රිකාවට එරෙහි පළමු තරගයේ පළමු ඉනිමේදී ලකුණු 39ක් හා දෙවැනි ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය අතර එම තරගය බංගලාදේශ කණ්ඩායම ලකුණු 333කින් පරාජයට පත්වුවා.

තමීම්ගේ අබාධ තත්වය සුවවීමට සති හතරක කාලයක් ගත වන බව වාර්තා වන අතර දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා තමීම්ව එක් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වෙයි

බංගලාදේශ කණ්ඩායමේ සුපරි තුන්ඉරියව් ක‍්‍රීඩක සකීබ් අල් හසන්ද මෙම තරගාවලියේදී විවේක ගන්වා ඇති අතර බංගලාදේශ කණ්ඩායම ඔවුන්ගේ ප‍්‍රබල පිතිකරුවන් දෙදෙනා නොමැතිව තරග බිමට පිවිසෙන්නේ 2013 වර්ෂයේ මාර්තු මාසයේ ශ‍්‍රී ලංකාව සමග ගාල්ලේ පැවැති තරගයෙන් පසුවයි.

තමීම් ඉක්බාල් වෙනුවට බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස සෞම්‍ය සර්කාර් ක‍්‍රිඩා කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක