Menu

“සියල්ල අවසන්ව යන තැනකි”..ෆේස්බුක් සටහනක් තබා ‘ජාත්‍යන්තර පාසැලේ යොවුන් ගුරුවරියත්’ සමුගනී…

October 4, 2017

ෆේස්බුක් සටහනක් තබා ගෙළ වැළලාගත් මාලබේ පදිංචිව සිටි ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකගේ අවසන් කටයුතු අද (04) සිදුවනවා.

මාලබේ කහන්තොට මාර්ගයේ පදිංචි නිශාදි දිලුෂා කැකුලාවල නැමැති තිස් හැවිරිදි ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක් මෙලෙස දිවි නසාගෙන තිබෙනවා.

ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ (03) පැවැත්වුණා.

කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ප්‍රනාවන් විසින් එය පැවැත්වූ අතර තලංගම දකුණ හදිසි මරණ පරීක්ෂකා ප්‍රේමලතා අබේවර්ධන වෛද්‍ය වාර්තා සහ සාක්ෂි පදනම් කරගනිමින් මෙය දිවි නසා ගැනීමක් බව තීරණය කරනු ලැබුවා.

කොළඹ ගෝතමී විද්‍යාලයේ උගත් ඇය ඊයේ (03) අලුයම මෙලෙස දිවි නසාගෙන ඇති අතර ඊට දින පහකට පෙර රැකියාවෙන්ද ඉවත් වී ඇති බව ඇයගේ මව පවසයි

ඇයගේ මව ප්‍රකාශකර ඇත්තේ අධ්‍යාපනයට එහා ලෝකයක් තම දියණියට නොතිබු බවයි.මියයාමට පෙර දින රාත්‍රියේ ද දියණිය තමා අසල නිදා සිටි බව ද මව සඳහන් කර තිබෙනවා.

“සියල්ල අවසන්ව යන තැනකි” ලෙසින් ෆේස්බුක් සටහනක් තබා ඇති දිලුෂා පසුව නිවසේ උඩුමහලට ගොස් ගෙළ වැළලාගෙන තිබෙනවා.

මෙම මරණය පිළිබඳ අතුරුගිරිය පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක