Menu

‘රංගන’ගේ සමුගැනීම ගැන ‘ගුරා’ කතා කරයි.. ‘දික්වැල්ල’ ගැනත් විශේෂ දෙයක් හෙළිකරයි

October 4, 2017

‘රංගන’ගේ සමුගැනීම ගැන ‘ගුරා’ කතා කරයි.. ‘දික්වැල්ල’ ගැනත් විශේෂ දෙයක් හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය පරාජයට පත් කරමින් ලබාගත් ටෙස්ට් ජය සමඟ කණ්ඩායම් කළමනාකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරියෙකු ලෙසද කටයුතු කරන අසංක ගුරුසිංහ කණ්ඩායමේ ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධාන බලවේග පිළිබඳව cricbuzz සමඟ පැවති හමුවකදී අදහස් දක්වා ඇත.

නායක චන්දිමාල්ගේ ඉනිම පිලිබඳව අදහස් දක්වා ඇති ගුරුසිංහ එය නියම ටෙස්ට් ඉනිමක් ලෙසට හදුන්වා දී ඇත,

“චන්දිමාල්ගේ ඒ ඉනිම නියම ටෙස්ට් ඉනිමක් වගේම ,නායකයෙක් විදියට තම ඉනිම ගොඩනගද්දී තමන් වටේ අනෙක් ක්‍රීඩකයෝ එකතු කරගත්ත විදියත් අපුරුයි.අපි චන්දිගෙන් ඉල්ලන්නේ ඕක තමයි නායකයා විදියට හොඳ ඉනිමක් ගොඩ නගද්දී අනිත් ක්‍රීඩකයෝ ඒකට සහයට එකතු වෙනවා.ඒ විදියේ දක්ෂතාවක් එක්ක පන්දු රකින්න පිටියට බහිද්දීත් නායකයා ඉන්නේ ලොකු ආත්ම විශ්වාසයකින්.අපි ඉදිරියේදීත් බලාගෙන ඉන්නේ චන්දී ඔය දේ අපේ කණ්ඩායමට කරයි කියල.”

ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පිළිබඳවද ගුරුසිංහ මෙම සාකච්චාවේදී තම අදහස් දක්වා ඇත.

“දික්වැල්ල කියන්නේ පුදුම හැකියාවක් තියන ක්‍රීඩකයෙක්,අපි ඉන්දීය සංචාරයට කලින් ඔහුත් එක්ක කතා කලා,එයා ඉන්දීය සංචාරයේදී නිකන් එයාගේ විකට් එක පුජා කලා එයාගෙම වරදින්.එහෙම කරන එක දික්වැල්ලට වගේම කණ්ඩායමටත් ලොකු පාඩුවක් කියන එක අපි පැහැදිලි කරලා දුන්නා.ලොකු සාකච්චාවකින් පස්සේ අපි දික්වැල්ලගේ අදහසුත් ගත්තා,ඒ වගේම හෂාන් ,පොතාස් දෙන්නත් දික්වැල්ල හදාගන්න ඕන දේවල් පැහැදිලි කළා,පාකිස්ථාන ටෙස්ට් තරඟයේදී ඒ අපි කල කතාවේ ප්‍රතිපල පෙනුන කියල මම හිතනවා,මොකද දික්වැල්ල කියන්නේ දීප්තිමත් අනාගතයක් තියන ක්‍රීඩකයෙක් එයා විනාශ වෙන්න දෙන්න බෑ.”

තරඟයේ හැරවුම් ලක්ෂය කොතනදැයි ඇසුවිට ගුරුසිංහ පවසා ඇත්තේ,එය එක සිදුවීමක් නිසා සිදුවූ වෙනසක් නොවන බවත් කණ්ඩායම අන්තිම කාලයේ කල කැප කිරීම් වල ප්‍රතිපලයක් බවයි.

ඉන්දීය සංචාරය ඉතා අපහසු එකක් වූ බවත් ප්‍රබල ඉන්දීය කණ්ඩායම එල්ල කල පීඩනය තම තරුණ කණ්ඩායමට දරාගත නොහැකි වූ බවද ගුරුසිංහ පවසා තිබිණි.

ලකුණු 136 ක් ආරක්ෂා කර ගැනීමේදී රංගන හේරත්ගේ කාර්යය බාරය පිලිබඳව සහ රංගනගේ සමු ගැනීම පිළිබඳවද මෙහිදී ගුරුසිංහ ඉඟි කර ඇත.

“ඇත්තටම රංගනගේ තියන විශ්වාසය වගේම කැපවීමත් පුදුම සහගතයි.මේ වගේ ක්‍රීඩකයෝ හරිම කලාතුරකින් තමයි ලෝකයටම් බිහි වෙන්නේ ඇත්තටම අපි වාසනාවන්තයි ඔහු අපේ කණ්ඩායමේ ඉන්න එක ගැන.මම හිතන්නේ රංගන තව අව්රුද්දක් විතර මේ සේවය අපිට කරයි.අපි බලාගෙන ඉමු රංගන ඉදිරියේ මොකද කරන්නේ කියල.”

එළඹෙන මාර්තු මාසයේ 40 වන වියට පා තබන රංගනට තවත් අවරුදු ගණනාවක් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබාදෙමින් කණ්ඩායම සමඟ ක්‍රීඩා කල හැකිවේවා යන්න අපගේ පැතුමයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක