Menu

ඇමති තිදෙනෙකු හැප්පී කැබිනෙට්ටුව රත්වෙයි..ජනපති අගමැති මැදිහත්වී ගැටුම විසදයි 

October 4, 2017

ඇමති තිදෙනෙකු හැප්පී කැබිනෙට්ටුව රත්වෙයි..ජනපති අගමැති මැදිහත්වී ගැටුම විසදයි

පළාත් සභා සීමා නීර්ණ කමිටුවට පත්කර ඇති මුස්ලිම් නියෝජිතයකු සම්බන්ධයෙන් ඇමතිවරුන් තිදෙනෙකු අතර ඇතිවු මත ගැටුමක් හේතුවෙන් ඊ්යේ පැවැති කැබිනට් රැස්වීම උණුසුම් ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

සිමා නීර්ණ කමිටුවට පත්කර ඇති මුස්ලිම් නියෝජිතයා දේශපාලනය කරන කෙනෙකු බවට ඇමති රවුෆ් හකීම් මහතා පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාපා මහතාට චෝදනා කිරීමත් සමග මෙම මත ගැටුම ඇතිවු බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

රවුෆ් හකීම් ඇමතිවරයාගේ චෝදනාවලට ඇමති ෆයිසර් මුස්තාපා මහතා පිළිතුරු දී ඇති අතර රිෂාද් බදියුදීන් ඇමතිවරයාද ෆයිසර් මුස්තාපා ඇමතිවරයාට සහාය පළකරමින් හා හකීම් ඇමතිවරයාට චෝදනා කරමින් අදහස් දැක්වු බව දැන ගන්නට ඇත.

ඇමතිවරුන් තිදෙනා අතර වාදය දුරදිග යද්දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාත් මැදිහත්ව මත ගැටුම සමනය කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි

ඇමතිවරුන් තිදෙනා අතර වාදය යද්දී අදහස් දක්වා ඇති කබීර් හෂීම් ඇමතිවරයා මුස්ලිම් නියෝජිතයා සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ඇත්නම් එක්සත් ජාතික පක්ෂයට මුස්ලිම් නියෝජිතයකු පක් කළ හැකි බව පවසා ඇතැයි වාර්තාවෙි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක