Menu

‘සමන් දැන්ම එෆ් බී එකට දාන්න එපා.. දිනලා ආවම දාමු..අනේ පලයන් නෝනා යන්න’ – ප‍්‍රබල ගුරුමෑණියන්ට ක‍්‍රීඩා ලෝලියකුගෙන් සැර කතාවක් (PHOTO)

October 3, 2017

දෛවඥවරියක් යැයි කියාගන්න කාන්තාවක් ඊයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානුවන් පරදා ලබාගත් විශිෂ්ට ජයග‍්‍රහණය පිලිබද තැබු සටහනක් ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් රසිකයින් අතර මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබෙනවා

පාකිස්තානය පරදා පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත් පසු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබන මෙම කාන්තාව පවසන්නේ

“දිනේෂ් චන්දිමාල් පුතා පකිස්තාන සංචාරයට යන්න පළමුව පැමිණ මාගෙන් ආශිර්වාද ගත් මොහොත බොහොම අසීරැ අඩියට වැටී තිබුණ අපේ කණ්ඩායම ට නායකත්වය බාරදුන් මොහොතේ පැමිණ මාගෙන් ආශිර්වාද ගෙන නික්මුණේ.අදින් පසු ලාංකේය ක්රිකට් ක්රීඩාවට ස්වර්ණමය යුගය මම උදාකර දෙන්නෙමි. මාගේ විශේෂ ස්තූතිය දයාසිරි ජයසේකර ඇමතිතුමාටත් ඈශ්ලි ද සිල්වා මැතිතුමාටත් පිරිනමමි. මොකද මේ දරැවො මගෙ ළඟට යොමු කිරීමට පෙළඹවූ නිසා.” යනුවෙනි.

ඇයගේ එම ප්‍රකාශය සමාජජාලා වෙබ් අඩවි වල ක්‍රිකට් රසිකයන් අතර දැඩි හාස්‍යයට ලක් වී තිබුනු අතර ඒ පිළිබදව ක‍්‍රිකට් ලෝලියකු ෆේස්බුක් සටහනක් තබමින්  එම දෛවඥවරිය යැයි කියාගන්නා කාන්තාවට පවසන්නේ ඉදිරියේ රටට සිදුවීමට ඇති  ලොකුම ව්‍යවසන නවතා දෙන ලෙස අභියෝග කරන බවත් එසේ කරන්නේනම තමන් නිරුවත්ව ඇහැලියගොඩ සිට කොළඹට ගමන් කරන බවත්ය.

එම සටහන පහතින්..

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක