Menu

”තැඹිලි සහ ඇපල්” වයින් හදන්නේ මෙහෙමයි

September 30, 2017

තැඹිලි වයින්__

අවශ්‍ය ද්‍රව්‍ය
තැඹිලි වතුර 6 L
සීනි 2 1/2 kg
යිස්ට් තේ හැඳි 9
කුරුදු කැබැල්ලක්
ලෙමන් ගෙඩි 04
කරද මුoගු 6
කරාබු නැටි 6
කැරමල් සිනි 120
සාදන ක්‍රමය
කැරමල් සිනි යනු කර කරන ලද සිනිය .භාජනයකට සිනි දමා ලිප රත්කර එයට වතුර අවශ්‍ය තරමට එක්කර කැරමල් සිනි සකසා ගන්න.
තැඹිලි වතුර කෝප්පයකට යිස්ට් දමා මිශ්‍ර කර ගන්න .
වෙනම බදුනක් ගෙන එයට ඉතුරු තැඹිලි වතුර වතුර දමා සිනිද එකතු කර දිය කරගන්න.
එයටම යිස්ට් මිශ්‍රණය එකතු කර ගන්න.
කරද මුoගු, කරාබු නැටි තලා ගන්න එයද ඉහත මිශ්‍රණයට එකතු කර ලෙමන් යුෂ හා කුරුදු දමා කලවම් කර ගන්න.
එම බදුනේ කට රෙදි කඩකින් වසා දින 10ක් පමණ තබන්න.
ඉන් අනතුරුව පෙරා එයට කැරමල් සිනි දමා හොදින් කලවම් කර ගන්න.
එය ඉන්පසුව සති 2 ක් පමණ තබා පෙර ගන්න
ඇපල් වයින්__
අවශ්‍ය ද්‍රව්‍ය
ඇපල් 6
සීනි 500 kg
වතුර 1 l
එනසල් ඇට 05
යිස්ට් තේ හැඳි 01
කුරුදු කැබැල්ලක්
දෙහි යුෂ මේස හැදී 01
සාදන ක්‍රමය
ඇපල් සෝදා ගන්න පොතු තිබියදීම කුඩා කැබලි වලට කපා ගන්න.
වතුර ලීටරයට ඇපල් කැබලි දම උතුරවා ගන්න. මෙම මිශ්‍රණය දින හතරක් පමණ වසා තබන්න ඉන් පසුව සිනි යිස්ට් දමා හොදින් දිය කරන්න. තලාගත් එනසාල් සහ දෙහි යුෂ දමා නැවත සතියක් පමණ තබා පෙරා ගන්න.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක