Menu

ශ‍්‍රී ලංකාව අසීරු අඩියක (UPDATE)

September 28, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රිඩාකරන ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලු 03ක් දැවී ලකුණු 61ක් ලබා සිටියහ

තරගයේ කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකා නායක චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට නොහැකි වීය

මුලු ලකුණු සංඛ්‍යාව 34ක් ව තිබියදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 12ක් ලබා සිටි කෞෂල්‍ය සිල්වා දවා ගැනීමට හසන් අලී සමත් වු අතර දිමුත් කරුණාරත්න සමග එක්ව ලකුනු 34ක් ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීමට සිල්වා සමත් විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි කණ්ඩායමේ උපනායක ළහිරු තිරිමාන්න සිය 150 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට යෂීර් ශා සමත් වු අතර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව තිරිමාන්න ලකුණු නොලබා දැවී ගියහ.

තිරිමාන්නගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් හටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටිමට අවසර නොදුන් යශීර් ශා දිවා ආහරයට තරගය නතර කිරීමට පන්දුවාරයක් තිබයදී ලකුණු 10කට මෙන්ඩිස්ව දවා ගැනීමට සමත් විය

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ස්ථාවර ඉනිමක් ගොඩනගන ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 32ක් ලබා සිටියි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක