Menu

‘යෂීර් ශා’ වාර්තා පොත් අතරට එක්වෙයි

September 28, 2017

කඩුලු 150 සීමාව පසුකල ලොව දෙවැනි වේගවත්ම ටෙස්ට් පන්දු යවන්නා ලෙස පාකිස්තානු කන්ඩායමේ දග පන්දු යවන ක‍්‍රීඩක යෂීර් ශා අද වාර්තා පොත් අතරට එක් වුවා.

ඒ ශ‍්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන ප‍්‍රථම ටෙස්ට් තරගයේදී ළහිරු තිරිමාන්නගේ කඩුල්ල ලබා ගනිමින්.

යෂීර් ෂා තරග 27කදී එම දස්කම දක්වා ඇති අතර තරග 24කදී කඩුලු 150ක් බිද දැමු එංගලන්ත ක‍්‍රීඩක සිඩින් බාන්ස් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙයි.

පාකිස්තානු වේග පන්දු යවන්නකු වන වකාර් යුනීස් ද තරග 27කදී කඩුලු 150 සීමාව පසුකර ඇත.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02 දැවී 57ක් ලබා සිටියි..

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක