Menu

ඔබටත් මේ හීන පේනවද එහෙනම් වෙන දේ බලන්නකෝ

September 28, 2017

විශාල තෙල් බදුනකට වැටෙනවා සිහිනෙන් දුටුවොත් විස වර්ගයක් කැවෙන බව මතක තබා ගන්න. අමු ගස්ලබු කඩනවා සිහිනෙන් දකීනම් දෙස් දෙවොල් වදිනා දෝශයකි. ඉතා සුවද දුම්කුඩු වර්ග කවලම් කරනවා සිහිනෙන් දකීනම් පසුදින ගිය ගමනින් සුබ පල උදාවේ.

තමන් මාලිගාවක හිර වී සිටිනවා සිහිනෙන් දකීනම් දියුණුව කඩාකප්පල් වේ.
පිටි වලින් විශාල කෑම වර්ග හදනවා සිහිනෙන් දකීනම් උස් ස්ථානයක වාසය කිරීමට යෑමට සිදුවේ. ගස්වල වැල් කඩා ඇගේ ඔතාගන්නවා සිහිනෙන් දකීනම් ධන ලාභ ලැබෙන කාළයකි. කිළිටි ඇදුම් ඇද පාරක් පිරිසිදු කරනවා සිහිනෙන් දුටුව හොත් නින්දා අපහාසයකට ලක්වේ. මුවෙකු පිට නැගී කුඩා දරුවෙකු මහවනයේ සිට එලියට එනවා සිහිනෙන් දකීනම් දුර බැහැර ගමනකින් උසස් තනතුරු සහ ලාභ ලැබේ.

දිය ඇල්ලක තිබූ විශාල ගලක් පහළට ඇද හැලෙනවා සිහිනෙන් දකීනම් අනතුරකට ලක්වේ. තද ග්‍රහ අපල කාලයකි. හාල් ගොඩකට යට වෙනවා සිහිනෙන් දුටුව හොත් පිරිවර සේනා උපකාර කරයි. අළුපුහුල් වැවුණු හේනක් මැද සිටිනවා සිහිනෙන් දුටුවොත් කරදර බාධක රැසක් පැමිනේ. මුළුතැන්ගේ තිබෙනා එළවළු පැලවී තිබෙනවා දුටුවහොත් කෑම බීම හිග නොවේ. මඩ වගුරක ගව පැටව් වැටී සිටිනවා සිහිනෙන් දකීනම් ජීවිතයට බොහෝ අඩු වූ දෙයක් ලැබේ

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක