Menu

රස ගුණ පිරි පලතුරු බීමක් හදන හැටි දන්නවාද ?

September 27, 2017

වෙරළු කිරි
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු වෙරළු – 500g
කිරි(Fresh Milk) – 500ml
පදමට සීනි

සාදන ක්‍රමය
ඉදුණු වෙරළු වලට කිරි 100ml පමණ දමා අතින් හොදින් පොඩිකර ගන්න.පොඩිකරගත් වෙරළු සහ කිරි ටික පෙරා වෙරළු ඇට ඉවත් කරගන්න.ඉන්පසු ඉතිරි කිරි ටික දමා එයට මිශ්‍රකර පදමට සීනි දමා බ්ලෙන්ඩර් කර වීදුරුවලට දමා එය පිළිගන්වන්න.


කටු අනෝදා මිල්ක් ෂේක්

ඉදුණු කටු අනෝදා – 500g
කිරි වීදුරු 4 යි.
වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් 04 යි.
පදමට සීනි.

සාදන ක්‍රමය
කටු අනෝදා ගෙඩිය ගෙන කපා ඇට ඉවත් කර කිරි හා සීනි දම හොදින් බ්ලෙන්ඩර් කර ගන්න ඉන් පසු යුෂ ටික බාජනයකට දමා ගන්න.
පිළිගන්වන විට සුදුසු වීදුරු වලට දමා උඩින් අයිස් ක්‍රීම් දමා පිලිගන්වන්න.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක