Menu

සෝස් ගෙදරදිම හදන්නෙ මෙන්න මෙහෙමයි

September 25, 2017

සෝස් තියෙනවනම් මොන කෑමද කන්න බැරි. සෝස් ඒතරම් රසක් තියෙන්නෙ හැබැයි මේ සෝස් වලට වර්ගත් ගොඩාක් තියෙනවා.මේ සෝස් ගෙදරදිම හදාගන්න විදිහ ඔබ දන්නවාද මෙන්න මෙහෙමයි බලන්නකෝ කියවලා. මේ ලිපිය බලලා නිකන් යන්න එපා තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න.

තක්කාලි සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය-
සුදු ළුුණු තේ හැදි 01
බටර් 25g
තක්කාලි පේස්ට් 20g
තක්කාලි 1kg
වෙජිටබල් ස්ටොක් 500g
නැවුම් ක්‍රීම් 75g
කැරට් 100g
සීනි රහ අනුව විනාකිරි ස්වල්පයක්
පාන් පිටි 25g

සාදන ක්‍රමය
කැරට්, සුදු ළුුණු සිහින්ව කපා ගන්න.
බදුනක් ගෙන එයට බටර් දමා රත් කර ගන්න කපාගත් දෑ එකතු කරන්න
එකට තක්කාලි පේස්ට්, තක්කාලි කැබැලි පාන්පිටි දමා කවලම් කරන්න.
එකට වෙජිටබල් ස්ටොක්ද එකතු කර විනාඩි 20ක් පමණ රත් කරන්න
එය පෙරා බ්ලෙන්ඩ කරන්න
නැවත බදුනක දමා ලිප තබා රත් කරන්න
ඇඹුල් රස වැඩි නම් සීනි එකතු කරන්න

චිලී සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය-
ඉදුණු අමු මිරිස් 1kg
සුදු ළුුණු තේ හැදි 01
බටර් 25g
වෙජිටබල් ස්ටොක් 500g
නැවුම් ක්‍රීම් 75g
කැරට් 100g
විනාකිරි ස්වල්පයක්
පාන් පිටි 25g

සාදන ක්‍රමය
සුදු ළුුණු, අමු මිරිස්, කැරට් සිහින්ව කපා ගන්න
බදුනක් ළිප තබා එකට බටර් දමා රත් කර ගන්න
එයට සුදු ළුුණු, කැරට් දමා කවලම් කරන්න
ඉන්පසු පාන් පිටි,අමු මිරිස්ද එකතු කර ගන්න
වෙජිටබල් ස්ටොක් දමා විනාඩි 20ක් පමණ රත් කර ගන්න
එය පෙරා බ්ලෙන්ඩර් කර ගන්න
නැවත බදුනක දමා ළිපේ තියා රත් කර ගන්න

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක