Menu

පාන්ඩ්‍යා හොර වැඩක් කළාද?වලි පිට වලි ගිය ඉන්දු – කැන්ගරු සටන උණුසුම් වු හැටි මෙන්න(VIDEO)

September 22, 2017

පාන්ඩ්‍යා හොර වැඩක් කළාද?වලි පිට වලි ගිය ඉන්දු – කැන්ගරු සටන උණුසුම් වු හැටි මෙන්න(VIDEO)

ඉන්දියාව හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය ඉන්දියානු ඉනිමේ 48වෙනි පන්දුවාරයේදී අමුතු සිද්ධියකුත් වුණා.මේ පන්දුවාරය ක්‍රියාත්මක කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කේන් රිචඩ්සන්.ඒ වෙලාවේ පන්දුවට පහරදුන්නේ හරිඩ්ක් පාණ්ඩ්‍යා.රිචඩ්සන්ගේ ෆුල් ටොස් පන්දුවකට පාණ්ඩ්‍යා ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් ලබාදෙනවා.එය නිපන්දුවක් දැයි සැක කරපු (පසුව නිපන්දුවක් ලෙස සටහන් කළා) ස්ටීවන් ස්මිත් පාණ්ඩ්‍යාව දුවද්දි දැවී යාමකටත් මෙහිදී හසුකරගන්නවා.තමන් දැවී ගියා කියලා හිතපු පාණ්ඩ්‍යා ක්‍රීඩගාරයට පැත්තට දුවනවා.හැබැයි මේ වෙලාවේ පුංචි වැස්සකුත් තිබුණා.කොහොම නමුත් මෙ සිදුවීම ගැන විනිසුරුවන් හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අතර වචන හුවමාරුවක් වෙන අයුරුද දැකගන්න පුලුවන් වුණා.පස්සේ පාණ්ඩ්‍යා නැවතත් පන්දුවට පහරදෙන්න පිටියට ආවා.නීතියේ හැටියට නම් ක්‍රීඩකයෙකු තමන් දැවී ගියා කියලා වරදවා තේරුම් අරගෙන පිටියෙන් එළියට ගියොත්,තරඟ විනිසුරුවන්ට එය අජීවි පන්දුවක් ලෙස සටහන් කිරීමේ හැකියාව තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

මේ අතරේ ඉන්දියානු කණ්ඩායමේ නායකවිරාත් කෝලි මහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින් ක්‍රීඩක මැතිව් වේඩ් අතර සිදුවූ වචන හුවමාරුවක්ද කතා පහට ලක්වුණා.

වීඩියෝව පහතින් නරඹන්න

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක