Menu

උතුරු කොරියාවෙන් මිසයිලයක් සමග වෙඩි වරුසාවක් (PHOTO)

April 29, 2017

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

අමෙරිකානු හා දකුණු කොරියානු බලධාරීන් ඒ පිළිබඳ තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

කෙසේ වෙතත් එය කොතරම් දුරකට විහිද යන මිසයිලයක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

මිසයිලය උතුරු කොරියානු පාලන ප‍්‍රදේශයෙන් ඉවතට නොගිය බවටයි අමෙරිකානු හමුදා අංශ පවසා ඇත්තේ.

එහෙත් දකුණු කොරියානු හමුදා අංශ පවසන්නේ අද අලූයම උතුරු කොරියාවේ අගනුවරට උතුරින් වූ ප‍්‍රදේශයකින් මිසයිලය නිකුත් වී ඇති බවයි.

මෙම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් උතුරු කොරියාව ද මෙතෙක් නිල වශයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැහැ.

කෙසේ වෙතත් ඔවුන් මෙම මිසයිල අත්හදා බැලීම සිදු කළේ කොරියානු කාලපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් හටගෙන තිබියදීයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව බලපෑම් කිරීමට සහය වන්නැයි අමෙරිකාව සෙසු රටවලින් ඉල්ලීමක් කර පැය කිහිපයකින් පසු මෙම මිසයිලය අත්හදා බලා තිබීම ද විශේෂත්වයක්.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක