Menu

කසළ ගොඩෙන් මතුවූ වචනවල ශක්තිය

September 20, 2017

මේ අපූරු පුස්තකාලයේ නම ”වචනවල ශක්තියයි.” මෙහි ආරම්භය සිදුවන්නේ නගරයේ ප්‍රදාන කුණු ගොඩේ තිබුණු එක්තරා විශිෂ්ඨ පොතකින් කොලොම්බියානු ජොසේ ඇල්බටෝට බොගෝඨා නගරයේ බැහැර කරන ලද කසළ ගොඩක තිබී ලියෝ ටෝල්ස්ටෝයීගේ ඇනා කරලිනා ග්‍රන්ථයේ පිටපතක් හමුවෙනවා. පොත් කියවන අය දන්නවා ලියෝ ටෝල්ස්ටෝයී කියන්නෙ රුසියානු සාහිත්‍ය වෙනත් මගකට ගෙන ගිය මිනිසෙක් බව. ඒ වගේම ඔහුගේ ඇනා කරලිනා කියන්නේ පොත් කියවන අය අනිවාර්යෙන්ම කියවිය යුතු පොතක් බව ඒ අය දන්නවා.

ඉතින් ජොසේටත් මේ පොතේ වටිනා කම තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ලෝකයේ විශිෂ්ඨ කතුවරයෙකුගේ ග්‍රන්ථයක් මේ අන්දමින් කසල ගොඩක තිබීම ගැන මුලින්ම ඔහුගේ හිතේ තිබුනේ දැඩි කනස්සල්ලකි. එක දැක්ක සැනින්ම ඔහු පොත ගෙදර ගෙනාවේය. අවසානයේ මෙහි පොත් එකතුව 20,000 දක්වා වැඩි විය. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ සියලු දෙනාට මෙම පොත් ගෙවීමකින් තොරව කියවීමට හැකි වීමයි. පොත් දෙන්න දෙන්න පොත් එකතුව වැඩි වීම ඔහුගේ තේමාවයි. වර්ථමානයේ මොහු පොත් රජු යන නාමය හැදින්වේ. ඔහු ප්‍රකාශ කරපු විදිහට මම ඇත්තටම පොත් බේරගත්තා. ඒ වගේම පොත් මාව වෙනස් කලා යනුවෙනි. පොත් කියන්නේ බලාපොරොත්තුවේ ආලෝකයයි ඒ කියන්නේ සාමයේ සoකේතයයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක