Menu

චොක්ලට් ගැන ඔබට මග හැරුණ දේවල් මෙන්න

September 18, 2017

චොක්ලට් කිව්වම කවුද අකමැති. හැමෝම හරිම ආසාවෙන් රස බලන චොක්ලට් වල ඉතිහාසයත් චොක්ලට් වගේම රසවත්.

චොක්ලට් කියන වචනය ස්පැනිෂ් වලින් ඉන්ග්‍රීසියට ආපු වචනයක්.ඒ 1600 ගණන් වල.නමුත් චොක්ලට් ගැන ලිපි ලේඛන හමුවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 1100 දි වගේ. තියබ්‍රොමා කොකෝවා කියලා උද්භිද විද්යාත්මකව හදුන්වන කොකෝවා නම් ශාකයේ ඇට වලින් තමයි රසවත් චොක්ලට් හදන්නෙ.

ඇමරිකානුවෝ තමයි මුලින්ම චොක්ලට් යොදාගෙන බීම වර්ග හැදුවේ. ඒ විතරක් නෙමෙයි මායාවරුන් හා ඇස්ටෙක්වරුන් ඔවුන්ගේ රාජකීය උත්සව වලදී චොක්ලට් ආහාරයක් ලෙස යොදාගෙන තියෙනවා.

ඇස්ටෙක්ස් වරුන් චොක්ලට් හදුන්වා ඇත්තේ xocolat නමින්.ඒකියන්නෙ තිත්ත බීම කියන අදහසින්. 16 වන සියවසේදි තමයි චොක්ලට් ගැන යුරෝපීය ජාතිකයන් දැනගන්නෙ. ඇමරිකාවට කොකෝවා ගැන දැනගන්න ලැබෙන්නෙ කොලොම්බස්ගෙ මාර්ගයෙන්.

1847 දි එංගලන්තයෙදි තමයි මුල්වරට ඝණකමින් යුතු චොක්ලට් කැබලි හදන්න පටන් අරන් තියෙන්නෙ. එතනින් ආරම්භ කරපු චොක්ලට් ගමන අද වන විට මුලු ලෝකයම තමන් සතු කරගෙන හමාරයි.ඒ නිසා තමයි ලෝකයේ බොහෝ දෙනෙක්ගෙ ප්‍රියතම ආහාරයන් අතරට චොක්ලට් එකතු වෙලා තියෙන්නෙ

විවිද රසයන්ගෙන් සහ විවිද හැඩයන්ගෙන් සහ විවිද වෙලද නාමයන් යටතේ විව්ධාකාර මිල ගනන් වලින් චොක්ලට් වර්ග ඕන තරම් අපිට දැකගන්න පුලුවන්

චොක්ලට් වර්ග ගැන කතා කරද්දි ඩාර්ක් චොක්ලට් මිල්ක් චොක්ලට් වයිට් චොක්ලට් අන්ස්වීට්න් චොක්ලට් ඒඅතරින් ගොඩක් ජනප්‍රියයි

ඩාර්ක් චොක්ලට්

ඩාර්ක් චොක්ලට් කන්න ආස අය දන්නවද එහි අඩංගු වෙන්නෙ මොනවද කියලා.කෝකෝවා වලට මේදය සහ සීනි එකතු කරලා තමයි ඩාර්ක් චොක්ලට් හදන්නෙ.යුරොපයේ නීති රීති වලට අනුව මෙහෙ 35%ක් ඝන චොක්ලට් තියෙන්න ඕනා.අදි රුධිර පීඩනය හා හදවත් රොග තියෙන අයට ඩාර්ක් චොක්ලට් සුදුසුයි.

 

 

වයිට් චොක්ලට්
ගොඩක් අය හිතාගෙන හිටියට වයිට් චොක්ලට් වලට කොකෝවා දානවා කියලා ඒක වැරදි අදහසක්. වයිට් චොක්කට් වල කොකෝවා අන්තර්ගත නැහැ. ඒ නිසා ලොව අනෙක් රටවල් වයිට් චොක්ලට් චොක්ලට් ලෙස හදුන්වන්නේ නැහැ.

අන්ස්වීට්න්ඩ් චොක්ලට්
පිරිසිදු චොක්ලට් මත්පැන් වලින් තමයි මේවා හදන්නෙ. තිත්ත රසැති අන්ස්වීට්න් චොක්ලට් වලටම තමයි බේකින්ග් චොක්ලට් කියන්නෙත්

ගොඩක් දෙනෙක් පෙරේත කමින් රස විදින චොක්ලට් වලින් මතක ශක්තිය වැඩි කරන්නත් පුලුවන් කියලා පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. මේ වන විට චොක්ලට් වලින් සුරුට්ටුවකුත් නිෂ්පාදනය කරලා තියෙනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක