Menu

පර්ෆියුම් ස්ප්‍රේ කරන ඔබ මේව ගැන දන්නවාද ?

September 16, 2017

ඔයා ලග හරි සුවදයි.. කවුරු හරි එහෙම කියනවා නම් කවුද අක්මැති.සුවද කියන්නෙ ඒ තරම් ආකර්ෂණීය දෙයක්. පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ කල්පනා කරලා බලන්න ඔබට මේ මොහොතෙදිත් මතක් වෙන සුවදවල් තියෙන්න පුලුවන්.ඒ කියන්නෙ සුවදකට පුලුවන් මතකයක් වෙලා අපේ මනසේ පවා ලැගුම් ගන්න. සුවද කියන වචනය ඇහුනු ගමන් අපිට මතක් වෙන්නෙ පර්ෆ්‍යුම්.ඒ තරම් එය අපිට සමීපයි.උදේට තේ එක බොනවා හා සමානවම පර්ෆියුම් ස්ප්‍රේ කරන එකත් ජීවිතානුබද්ද වී හමාරයි.පුරුද්දට වගේ පර්ෆියුම් ස්ප්‍රේ කරාට වැඩක් නෑ ඒ සුවද දවස පුරා අපි ගාව තියාගන්න බැරිනම්.


මෙච්චර දවසක් ඒකට හේතු හොය හොය හිටියා නම් මෙන්න උත්තරේ. පොලෙන් බඩු ගන්නවා වගේ ඕන කඩේකට ගිහින් අතට අහුවුනු පර්ෆියුම් බෝතලයක් ගත්තා කියලා ඔබේ අදහස නම් ඉටු කරගන්න බෑ.ඒකට නම් ඉතින් පර්ෆියුම් අලවි කරන විස්වාසවන්ත තැනකින් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් තෝරගන්න වෙනවා. සාමන්‍යයෙන් පර්ෆියුම් බොට්ල් එකක එහි වර්ගය ප්‍රින්ට් කරලා තියෙනවා. මේ වර්ග කිරීම කරලා තියෙන්නෙ කාණ්ඩ පහක් ඔස්සෙ. මේ කාණ්ඩ පහ ගැන අවබෝදයක් තිබුණොත් ඔබට කාගෙවත් උදව් නැතිව හොද පර්ෆියුම් එකක් තෝරගන්න පුලුවන්.

Eau Fraiche 1-3% මේ කාන්ඩයේ පර්ෆියුම් ඔයිල්, ඇල්කොහොල්,ජලය තමා අඩංගු වෙලා තියෙන්නෙ. මේ වර්ගයේ පර්ෆියුම් වල සුවද රැදිලා තියෙන්නෙ පැයකටත් අඩු කාලයක්.

Eau de cologne 1-3% පර්ෆියුම් ඔයිල්,ඇල්කොහොල්,ජලය,ස්වභාවික ශාක සාර,හෝ මල් හා පලතුරූ සාර.මේ වර්ගයේ පර්ෆියුම් වල සුවද පැය දෙකක් වගේ රැදිලා තියෙනවා.

Eau de Toilette 5-15% පර්ෆියුම් එසන්ස් සහ මද්‍යසාර මෙහි අඩංගුයි.සුවද පැය 3ක වගේ කාලයක් තියෙන මේ වගේ පර්ෆියුම් සාමන්‍යයෙන් හොද තත්ත්වයේ පර්ෆියුම් විදිහට හදුන්වනවා.

Eau de parfum 15-20% පර්ෆියුම් එසන්ස් අඩංගු මෙම වර්ගයේ පර්ෆියුම් වල සුවදපැය 5-8ත් අතර පවතිනවා.ත්ත්ත්වයෙන් උසස් පර්ෆියුම් මේ කාන්ඩයට වැටෙනවා.

Perfume 20-30% පර්ෆියුම් එසන්ස් අන්තර්ගත මේ කාන්ඩයේ පර්ෆියුම් වල සුවද දවස පුරාම තියෙනවා.මේ වර්ගයේ පර්ෆියුම් එකක් ගන්න ටිකක් අත දිග ඇරලා වියදම් කරන්න වෙනවා. කාන්ඩය බලලා හොද පර්ෆියුම් එකක් ගත්තටම මදි ඒක හරියට පාවිච්චි කරන්නත් දැන ගන්න ඕනා.


මෙන්න මේ උපදෙස් ටික පිලිපැද්දොත් ඔබට දවස පුරාම සුවදවත්ව ඉන්න පුලුවන්. පර්ෆියුම් ස්ප්‍රේ කරන්න ඕනාහොදින් පිරිසිදු වූනාට පස්සෙ දහදිය සිරුරකට පර්ෆයුම් ඔලූවෙ ඉදලා හලා ගත්තත් වැඩක් නැහැ ස්ප්‍රේ කරන්න කලින් ඇගේ මොයිස්චරයිසර් ක්‍රීම් ටිකක් ගාන්න අමතක කරන්නෙපා.

ක්‍රීම් ගෑවම සුවද සමට හොදින් උරා ගන්නවා පර්ෆියුම් ස්ප්‍රේ කරන්න ඕනා සාමාන්‍යයෙන් ශරීරයේ නාඩි වැටෙන ස්ථාන වලට මිසක් ඇදන් ඉන්න ඇදුම් වලට නෙමෙයි පර්ෆියුම් එක සිසිල් වියලි අදුරු තැනක ගබඩා කරන්න ගෑනු ලමෙක් නම් පොඩ්ඩක් පනාවට ස්ප්‍රේ කරලා ඊට පස්සෙ ඒ පනාවෙන් කොන්ඩෙ පීරන්න.

සුවද රදවගන්න මේ ක්‍රමය හොදයි මෙන්න මේ දේවල් දැනගෙන් පර්ෆියුම් එකක් පාවිච්චි කලොත් අර මුලින් කිව්වාවගේ හැමෝම කියයි ඔයා ගාව හරිම් සුවදයි කියලා.ඒ විතරක් නෙමෙයි සුවදවත් මතකයක් වෙලා කාගෙ හරි හිතක රැදෙන්නත් පුලුවන් වෙයි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක