Menu

‘පුළුවන්නම් ඔය අප්පුහාමිලා අභියෝගය බාර ගන්න ..දකුණු පළාත් සභාවේ සභාපති , උප සභාපති ඉවත් කර පෙන්වන්න’ – ආණ්ඩුවට අභියෝගයක්

September 14, 2017

‘පුළුවන්නම් ඔය අප්පුහාමිලා අභියෝගය බාර ගන්න ..දකුණු පළාත් සභාවේ සභාපති , උප සභාපති ඉවත් කර පෙන්වන්න’ – ආණ්ඩුවට අභියෝගයක්

හැකියාවක් ඇත්නම් දකුණු පළාත් සභාවේ සභාපති සහ උප සභාපති ඉවත් කර පෙන්වන්නැයි තමන් අභියෝග කරන බව දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතා පවසයි.

අද (14) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පැවසීය

2014 දකුණු පළාත් සභාවට ලැබුණු බලය අනුව නිවැරදිව කටයුතු කළ ඇමතිවරුන් දෙන්නාම අද වෙන කොට ඉවත් කරලා. මේ ඉවත් කිරීම් වුණේ දකුණේ ජනතාව බලය නොදුන් අය අතින්. නමුත් සභාපතිකමයි උප සභාපතිකමයි අයින් කරන්න ඔය විදියට බෑ. පුළුවන්නම් ඔය අප්පුහාමිලාට මම කරන අභියෝගය බාර ගන්න. සභාපතියි , උපසභාපතියි අයින් කරන්න නම් සභාවේ බහුතරය ඕන. නමුත් ඔය දකුණේ බලය නොදුන් අය කරන දේවල් වලට ඇත්තටම බලය හිමි අය ඉඩ දෙන්නේ නෑ. මේ අයට ඔය දේ කරන්න අවශ්‍යයි. නමුත් කරන්න බෑ. දකුණේ ජනතාවට එරෙහි වෙලා ඇමතිවරු දෙන්නා අයින් කරා. ඒ අයින් කිරීම දකුණේ ඡන්දය දීපු ජනතාවට කරපු අසාධාරණයක්. ඔය දකුණේ බලය නැති අයට ගලවන්න බැරි තනතුරු දෙකක් තමයි සභාපති හා උපසභාපති තනතුරු.පුළුවන් නම් ගලවන්න. මේක අපේ අභියෝගය. එදා අපිට අභියෝග කරා. 20 වෙනි සංශෝධනය ගෙනල්ලා. අපි අභියෝගය බාර ගත්තා විශේෂ පළාත් සභාවක් කැදෙව්වා. 20 දකුණේ පරාජය කරා. ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බලයකින් සම්මත වුණත් 20 සංශෝධනය දකුණට අදාළ නෑ. පුළුවන් නම් එජාපයටයි, අනිත් අප්පුහාමිලාටයි අභියෝග කරනවා දකුණු පළාත් සභාවේ බලයක් තියෙයි කියලා පෙන්වන්නැයි උප සභාපතිවරයා පවසා ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක