Menu

‘ගොඩක් වෙලාවට පිටියට එන්නේ පීඩනයක් තියන වෙලාවක..ලංකාව වෙනුවෙන් කරන දේ තමයි ලෝක කණ්ඩායම වෙනුවෙන් කලේ’

September 14, 2017

‘ගොඩක් වෙලාවට පිටියට එන්නේ පීඩනයක් තියන වෙලාවක..ලංකාව වෙනුවෙන් කරන දේ තමයි ලෝක කණ්ඩායම වෙනුවෙන් කලේ’

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඊයේ ලෝක කණ්ඩායම වෙනුවෙන් වාර්තාගත පිතිහරඹයක නිරත වෙමින් පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින තරඟයේ ජයග්‍රහණය ලෝක කණ්ඩායමට ලබා දීමට මුලික වූ අතර,එම ඉනිමෙන් පසුව මාද්‍ය වෙත අදහස් දැක්වූ තිසර පවසා තිබුනේ අද තමන් කලේ කාලයක සිට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තමන් ඉටු කරන කාර්යය බවයි.

“ඇත්තටම මගේ ලොකු සිහිනයක් සැබෑ වීමක් තමයි ලෝක කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුන එක.ඊයේ පිටියට ආපු වෙලාවේ ඉඳල අනිත් පැත්තේ හිටපු හෂීම් මට කිව්වේ අවසාන වෙනකන් කලබල වෙන්න එපා අන්තිම වෙනකන් අපි දෙන්න සෙල්ලම් කලොත් තරඟය දිනන්න පුළුවන් කියල.’

‘මම ගොඩක් වෙලාවට පිටියට එන්නේ මේ වගේ පීඩනයක් තියන වෙලාවක තමයි,තරඟ අවසන් කරන එක මගේ රාජකාරිය වෙලා දැන්,ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගොඩක් වෙලාවට කරන දේ තමයි අද මම ලෝක කණ්ඩායම වෙනුවෙන් කලේ.”

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක