Menu

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

September 14, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුව ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ නව තේරිම් කමිටුව සැප්තැම්බර් මස 18 දා පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය හමුවේ හා ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ විවේචන හමුවේ සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව ඉල්ලා අස්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මීළඟට ඇත්තේ පාකිස්තානයට එරෙහි තරගාවලිය වන අතර එහි ටෙස්ට් තරගාවලිය සඳහා වන සංචිතය නව තේරීම් කමිටුව පත්කිරීමෙන් පසුව සැප්තැම්බර් 20 දා නම්කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

චන්දිමාල් හා තිලංග එක්ව පාකිස්තානු සංචාරය සදහා 15දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරයි(EXLUSIVE)

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක