Menu

පාට පාටින් වතුර තියෙන ගගක් දැකලා තියෙනවාද ?

September 14, 2017

පාට පාටින් වතුර තියෙන ගගක් කවදා හරි දැකලා තියෙනවාද,සමහරවිට එහෙම කවදාක හෝ දැකලා තියෙනවානම් ඒ හීනයකින් වෙන්න පුලුවන්.නමුත් අපි මේ කියන්න හදන්නෙ හීනයක් ගැන නම් නෙමෙයි.ඇත්තටම පාට පාටින් වතුර ගලන ගගක් ගැන.දේදුන්නක් වගේ ලස්සන මේ ගග පිහිටලා තියෙන්නෙ කොලොම්බියාවෙ. නිතර නිතර විදෙස් සංචාර වල නිරත් වෙන අය නම් මේ ගංගාව දැකලා ඇති. මේ අපූරු ගගේ නම් කැනෝ ක්‍රිස්ටාලේ. කොලොම්බියාවේ මිනුස්සු මේ ගගට කියන්නෙ දේදුනු ගග කියලා.

ගග අවට පරිසරයත් හරිම මනස්කාන්තයි.ජෛව විවිදත්වයෙන් පරිපූර්න පරිසර පද්දතියකින් සමන්විත එහි කලාපයට ආවේනික පක්ෂීන් 400ක්. උරග විශෙෂ 43ක් උභය ජීවින් වර්ග 10ක් සහ වානර විශේෂ 8ක් වගේ ප්‍රමානයක් ජීවත් වෙනවා. ගග බලන්න යන සංචාරකයින් මේ සත්ත්ව විශේෂ බලාගන්නත් පුලුවන්.ඇත්තටම සවභාවික නිල් පැහැ වතුර වෙනුවට මේ ගගට පාට පාට වතුර ලැබෙන්න හේතුව තමයි ගගේ ජීවත් වන ශුද්‍ර ජීවීන් සහ ඇල්ගී වර්ග. ගගේ තියෙන පාෂාණත් ඒකට හේතුවක්. ගගේ වර්ණ කීපයක්ම තියෙනවා.

රතු, රෝස, කහ, නිල්, කොල ඒ අතර වෙනවා. නමුත් වැඩිපුරම තියෙන්නෙ රෝස පැහැය. ගගේ වැවිලා තියෙන macarenia clavigera කියන පැලෑටි විශේෂය නිසා තමයි ගගට රෝස පැහැය ලැබිලා තියෙන්නෙ. මේක සොබාදහම කරපූ විස්මිත නිර්මාණයක්.කොලොම්බියාව පැත්තේ ගියොත් මේ දේදුනු ගංගාව බලලා එන්න නම් අමතක කරන්නෙපා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක