Menu

චන්දිමාල් හා තිලංග එක්ව පාකිස්තානු සංචාරය සදහා 15දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරයි(EXLUSIVE)

September 14, 2017

චන්දිමාල් හා තිලංග එක්ව පාකිස්තානු සංචාරය සදහා 15දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරයි(EXLUSIVE)

එළැඹෙන පාකිස්තානු සංචාරය සදහා ශ‍්‍රි ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා එක්ව තේරීම් කමිටුව නොමැතිව 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තීරණය කර ඇති බව ඉන්දියානු ප‍්‍රධාන ක‍්‍රිකට් වෙඩි අඩවියක් වාර්තා කරනවා .

එමෙන්ම මේ වනවිටත් අවසන් සංචිතය සඳහා 15 දෙනෙකු තීරණය කර ඇති බවත් තේරීම් කමිටුවක් නොමැති නිසා එම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට ක්‍රිකට් බලධාරීන්ට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි .

පසුගිය ඉන්දීය කණ්ඩායමේ ශ‍්‍රි ලංකා සංචාරය අතරවාරයේ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඇතුලු කණ්ඩායම තේරීම් කමිටුවෙන්  ඉල්ලා අස්වු අතර මේ වන විට ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ක‍්‍රියාත්මක වන්නේ තේරීම් කමිටුවක් නොමැතිවයි.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කළා.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක