Menu

සංවර්ධන ලොතරැයි මුල් පුටුව සේන සූරියප්පෙරුමට

September 14, 2017

සංවර්ධන ලොතරැයි මුල් පුටුව සේන සූරියප්පෙරුමට

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස ව්‍යාපාරිකයකු වන සේන සූරියප්පෙරුම මහතා පත් කරනු ලැබ සිටී.

හිටපු සභාපති රොමේෂ් ජයවර්ධන මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීමෙන් පසු පුරප්පාඩුවූ සභාපති ධූරයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම නව පත්වීම සිදුකරනු ලැබ ඇත.

කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත.

ලංකා බැංකුවේ අභ්‍යාසලාගී කළමනාකරුවෙකු වශයෙන් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසි මොහු, පසුව සෙලාන් බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක