Menu

‘දකුණේ ආණ්ඩුකාරවරයාත්, මහ ඇමැතිත්, ලේකම්වරුත් කූට ලේඛන සකසා මුදල් වංචා කරලා..මේක මහ දවාලේ මහ බැංකුව කැඩුවා වගේ වැඩක්’

September 14, 2017

‘දකුණේ ආණ්ඩුකාරවරයාත්, මහ ඇමැතිත්, ලේකම්වරුත් කූට ලේඛන සකසා මුදල් වංචා කරලා..මේක මහ දවාලේ මහ බැංකුව කැඩුවා වගේ වැඩක්’

විදේශ ගමනකට සහභාගි වූ දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාත්, ප්‍රධාන ඇමැතිත් ලේකම්වරුත් විදේශ ගමන් සඳහා ඒ රටෙන් සියලු වියදම් ලබා දුන්නද කූට ලේඛනයක් සකසා පළාත් සභාවේ මුදල් එක් අයෙක් රුපියල් ලක්ෂ පහක් පමණ වංචා කරලා තියෙනවා කියලා තමාට පුද්ගලයෙක් පැවැසූ බව දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රි ඩී.වී. උපුල් මහතා පවසයි.

දකුණු පළාත් සභාව සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද පැවැසීය.

කොහොම වුණත් පස්සේ මම මේ ගැන සොයා බැලුවා. සොයලා බැලුවම මට දැනගන්න ලැබුණා සමහර නිලධාරීන් මේ වංචාව අහුවුණාම එක් අයෙක් රුපියල් හාරලක්ෂ හැටපන්දහසකට ආසන්න ගාණක් ගෙවලා තියෙනවා. එහෙත් මේ දකුණේ ආණ්ඩුකාරවරයා, ආණ්ඩුකාරවරයාගේ ලේකම් සහ ආණ්ඩුකාරවරයාගේ පුතා යන අය මේ මුදල ගෙවා නෑ කියලා දැනගන්න ලැබුණා. කූට ලේඛන ආණ්ඩුකාරවරයා විසින්ම කරනවා නම්, අපිට නායකත්වය දෙන ආණ්ඩුකාරවරයාගේ ලේකම් කූට ලේඛන හදලා විදේශ ගතවනවා නම් අපිට ප්‍රශ්නයක්.

මේක විශේෂ කටයුත්තක් ලෙස සිතා පරීක්ෂණයක් කරන්න. මේක මහ දවාලේ මහ බැංකුව කැඩුවා වගේ වැඩක්. මේක විපක්ෂයේ කාර්ය භාරය. මේවා විපක්ෂය කරන්න ඕන. මේ දූෂණ වංචා කරද්දී විපක්ෂය ඇස් පියාගෙන ඉන්නේ ඇයි.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක