Menu

ශ‍්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තුවට වැස්ස පිහිටවෙයි – කොදෙව්වන් දැඩි අවධානමක

September 13, 2017

ශ‍්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තුවට වැස්ස පිහිටවෙයි – කොදෙව්වන් දැඩි අවධානමක

ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීම සඳහා ද්වන්ද සටනක නියලී සිටින කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් එක තරඟයක් අද දිනයේ අයර්ලන්තයේදී වැස්සට සේදී ගිය අතර මෙම තරඟයේ ජය කොදෙව් කණ්ඩායමට ලබා ගැනීමට ලැබුනා නම් එංගලන්ත තරඟාවලියට ජයග්‍රාහී මානසිකත්වයෙන් පිවිසීමට කොදෙව්වන්ට හැකියාව තිබිණි.

පැවැත්වීමට නියමිතව තිබු පළමු හා එකම එක්දින තරගය වැස්සට සේදී යාමත් සමග බටහිර ඉන්දීය කොදව් කණ්ඩායමට 2019 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමේ දැඩි අවධානමක ලක්ව සිටී.

කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් සැප්තැම්බර් 19 වැනිදා එංගලන්තය සමග ආරම්භ වන එක්දින තරගාවලි 5-0ක් ලෙස හෝ  එක් තරගයක් ප‍්‍රතිඑලයක් නොමැතිව හෝ සමව 4-0ක් ලෙස ජය ගත යුතුයි.

අද පැවැත්වීමට තිබු තරගයේ කාසිය වාසිය උරගා බැලීමට වත් අද දිනයේ අවස්ථාවක් නොලැබුන අතර මෙම තරඟ වාරයේ අයර්ලන්තය ජාත්‍යන්තර කණ්ඩායමක් සමඟින් සහභාගී වීමට සිටි අවසන් එක්දින තරඟය මෙලෙස වර්ෂාවට සේදී යාම අයර්ලන්ත ප්‍රේක්ෂකයන්ටද දැඩි පාඩුවකි.

ඔවුන් නැවත එක්දින තරඟයකට මුහුණ දීමට නියමිතව ඇත්තේ එළඹෙන නොවැම්බර් අවසානයේ ස්කොට්ලන්තය සමඟිනි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක