Menu

‘සියලු ප‍්‍රශ්න අමතක වුනා..අපට දීපු ආරක්ෂාව දැක්කම චිත‍්‍රපටි ජවනිකාවක් වගේ දැනුනා ‘

September 13, 2017

‘සියලු ප‍්‍රශ්න අමතක වුනා..අපට දීපු ආරක්ෂාව දැක්කම චිත‍්‍රපටි ජවනිකාවක් වගේ දැනුනා ‘

පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනකින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ලෝක ක්‍රිකට් කණ්ඩායමක් මේ දිනවල පාකිස්තානයේ ලාහෝර් නුවරට පැමිණ ඇති අතර, දකුණු අප්‍රිකානු ජාතික ෆා ඩු ප්ලෙසිගේ නායකත්වයෙන් යුත් ලෝක ක්‍රිකට් පිල පාකිස්තානයට පැමිණීම කළු වලාකුළු අතරට රිදී රේඛාවක් පෑයුවාක් මෙන් හඳුන්වා ඇත.

තවද වසර 8කට පසුව ඉහළම ශේ්‍රණියේ ක්‍රිකට් කණ්ඩායමක් ලාහෝර් නුවරට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර, ලෝක ක්‍රිකට් පිල ලාහෝර් නුවරට පැමිණි පසු අදහස් දැක්වු නායක ඩු ප්ලෙසි “ක්‍රීඩකයන්ට සපයා ඇති ජනාධිපති ආරක්‍ෂාව වැනි ආරක්‍ෂාවක් දුටු විට ඔවුන්ට දැනෙන්නේ චිත්‍රපටයක ජවනිකාවක් වගෙයි” යනුවෙන් මාධ්‍ය හමුවේ පවසා ඇත.

තවද පාකිස්තානු ලාහෝර් නුවරට පැමිණි ගමන ගැන විස්තර කර ඇති ලෝක කණ්ඩායමේ නායකයා “මේ ගමනට පෙර ලාහෝර් නුවර ආරක්‍ෂාව ගැන සොයා බැලුවාම අපිට සතුටු විය හැකි තත්ත්වයක් තිබුණා. අපි මේ ගමන එන්න ගුවන් යානයට ගොඩවුණාට පසුව තිබුණ ප්‍රශ්න අමතක වුණා. අපිට අවශ්‍ය වුණේ මෙහි සංචාරය කරලා ලබන අත්දැකීම් ලෝක ක්‍රිකට් ප්‍රජාව අතර බෙදා හදා ගැනීමයි” යනුවෙන්ද පවසා ඇත.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක