Menu

ලක්‍ෂපාන ජල විදුලි බලාගාර සේවකයින්ගෙන් 90%ක් පමණ සේවා වලින් ඉවත්වේ

September 13, 2017

ලක්‍ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණය යටතේ පාලනය වන ජල විදුලි බලාගාර සේවකයින්ගෙන් 90%ක් පමණ අද (13)දහවල් 12 සිට සේවාවලින් ඉවත්ව ඇති බව ලක්‍ෂපාන විදුලි සේවක සංගමයේ විධායක සභික විදුලි අධීකාරි ඩබ්ලිවි.එමි.ජේ.ඒ ප‍රනාන්දු මහතා පවසයි. ලං.වි.ම වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් මෙම සේවාවලින් ඉවත් වූ බවද ඒ මහතා කියයි.

කැනියොන් , ලක්‍ෂපාන , නව ලක්‍ෂපාන , පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල සේවකයින් 450කගෙන් 400ක් පමණ මෙම වැඩ වර්ජනයට එක්වූ බව ඒ මහතා ප්‍රකාශ කරයි. වැඩවර්ජනයට එක් නොවූ සීමිත සේවක පිරිසගෙන් විදුලිය බිඳ වැටිමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදිමට නොහැකි බවත් හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් කිහිප දෙනෙක් ද වැඩ වර්ජනයට එක්ව ඇති බවත් හෙතෙම පැවසීය විදුලිය බිඳවැටිමකින් තොරව හැටන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන සියළුම විදුලි පාරිභෝගිකයන්ට විදුලිය ලබාදිමට උපරිම අයුරින් කටයුතු කරන බව එම මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි එස්.එම්.එන් සමරකෝන් මහතා පවසයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක