Menu

අර්ජුන් ඇලෝසියස් බැදුම්කර කොමිසමට කැදවු හේතු 15 මෙන්න

September 13, 2017

පර්පචුවල් ට්‍රෙශරීස් සමාගමේ හිමිකාර ඇලෝසියස් මහතා සාක්කි දීම ස`දහා බැදුම්කර විමර්ශන කොමිසමට කැදවනු ලැබුවේ පහත සදහන් කරුණු 15 සම්බන්ධයෙනි.

1. පර්පචුවල් ට්‍රෙරෂරීස් සමාගමේ අයිතිය සහ ව්‍යුහය.

2. අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ටෙ‍‍්‍රෂරීස් සමාගමේ බලපත‍‍්‍රය ලබාගත් ආකාරය.

3. අර්ජුන් ඇලෝසියස් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්‍යාපාර සැළැස්ම.

4. අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ටෙ‍‍්‍රෂරීස් සමාගමේ ප‍‍්‍රධාන විධායක හා කළමණාකාර අධ්‍යක්‍ෂධුර වලින් ඉවත් වීමට හේතු.

5. පර්පචුවල් ටෙ‍‍්‍රෂරීස් සමාගම ප‍‍්‍රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය.

6. පර්පචුවල් ටෙ‍‍්‍රෂරීස් සමාගමේ වර්ථමාන ප‍‍්‍රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද.

7. ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ටෙ‍‍්‍රෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය.

8. ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා.

9. ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

10. සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

11. පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

12. පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව.

13.මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක